Breaking
23 Feb 2025, Sun

රනිල්,චන්ද්‍රිකා,මෛත්‍රී කුජීත නායකයනට මේ රට බිලිගන්න දෙන්නේ නෑ

තමන්ට නොමැති බිම් මට්ටමේ බලය ලබා ගැනීම සඳහා පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයකට යටත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යමපාලන ආණ්ඩුව ගෙන යන කුමන්ත්‍රණය පරාජය කරන බව පලාත් පාලන මන්ත්‍රි එකමුතුව කියයි.

කිසිදිනක රටේ ජනතා ප්‍රසාදයෙන් අගමැති විමට නොහැකි බෙදුම්වාදී රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා,මෛත්‍රී වැනි කුජීත නායකයන් රටේ බලය පවත්වා ගැනිමේ බල ලෝභීන් කවර ආකරයේ කුමන්ත්‍රණය වල නියැලුනද රට ආදරය කරන බහුතර ජනයා හැමදාමත් රට දිනවිමට සුදානම් බව පලාත් පාලන මන්ත්‍රි එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් මහ නගර සභා මන්ත්‍රිවරයෙකු LNW පුවත් සේවයට සදහන් කළා.

බලහත්කාරයෙන් රටේ බලය අල්ලා ගත්තද අදටත් මේ රටේ නියම නායකයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පමණක් බව මුලු රටේම ජනයා මෙන්ම ග්‍රාමිය ජනයා පිලිගෙන අවසන් බවයි  ඔහු සදහන් කළේ.

ලබන 15 වැනිදා පළාත් පාලන ආයතන රනිල්ගේ නිලධාරි බලයට යටත් කිරිමට එරෙහිව සැම පළාත් ආයතනයක කළු කොඩි ඔසවා සහ සියලුම විදි පහන් නිවා දමා විරෝධතාවය දක්වන බවද ඔහු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.