Breaking
22 Feb 2025, Sat

රනිල් එලවන සටන අරඹයි-මංගල අගමැති

යහපාලනයක් සදහා කුරුමාණම් අල්ලමින් සිටි මෛත්‍රී,මංගල සහ චන්ද්‍රිකා පෙරමුණ රනිල් අගමතිකමින් එලවිමට පිඹුරුපත් සකසන බවට LNW ඔත්තු සේවය අනාවරණය කරගෙන තිබේ.දින සියක් යන විට ආණ්ඩුවේ කඩා වැටිම ආරම්භ වන බවත් එම අනතුරට මෛත්‍රී තනියම මුහුණ දිමට සිදුවන බවත් ඒ අනුව මෛත්‍රී අසාර්ථක නායකයෙකු බවට පත්කල වගකිවයුත්තන් අතර ප්‍රධානියා රනිල් බවට චොදනා නැගිම මෙම කණ්ඩායමේ අරමුණ වී තිබේ.ඒ සදහ මේ වන විටත් වෙබ් මාෆියාකරුවන් කිහිප දෙනෙකු සමගම සාකච්ඡා පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මෙම මෙහෙයුම් සාර්ථක කරගැනිම් සදහා අනිවාර්යයෙන් ජනතා විමුක්ති පෙරමුණද් සිටිය යුතු බැවින් ජවිපෙ සමග ඩීල් කිරිම සදහා මංගලගේ සමිපතම සගයා වන රුවන් ෆර්ඩිනැන්ඩස් යොදවා තිබේන අතර මේ වන විට රුවන් ජවිපෙ අංක එකේ ඩීල්කරු වන අනුර කුමාර සමග සාකච්ඡා පවත්වා තිබේ.ඒ අනුව කවදත් එජාපය සමග වෛරයෙන් සිටින ජවිපෙ එම සටනට එකඟතාව පලකර තිබේ.පසුගියදා නුගේගොඩ පැවති “බල පෙරලියට පසු” රැස්විම පැවැත්විම පසුපසද ඇත්තේ එම සාකච්ඡාව්ල ප්‍රතිපලයක් බවද LNW ඔත්තු සේවය අනාවරණය කරගෙන තිබේ.

එම රැස්විම පැවැත්විම සදහා මෛත්‍රී,මංගල සහ චන්ද්‍රිකා පෙරමුණ මිලියන 3ක මුදකලක් ලබා දි තිබෙන බවටද තොරතුරු අනාවරනය වෙමින් තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.