Breaking
23 Feb 2025, Sun

ආප්ප කා බෙදුම්වාදීන්ට එකතුවු සිරිසේන ඉල්ලන් කයිද?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා රාත්‍රී කතානායක නිල නිවසේ දී පැවැත්වුණු බවට ඇතැම් රජයටම කඩේ යන ජාතික පුවත් පත් කිහිපයකම සහ එය වහාම කොපිකර පලකිරිමේ සටනේ යෙදි සිටින වෙබ් අඩවි රැසක්ද කටයුතු කර තිබුනා.

පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැත්වු බවත් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ සිට එම සාකච්ඡාවට ගිය හිටපු ජනපතිවරයා නැවත පැයකට පමණ පසු එහි ආ බවද එම වාර්තා සදහන් කර තිබුනා.

මහින්ද – මෛත්‍රී අතර හමුව ගැන තොරතුරු දැන්ම කියන්නට අපි ඉක්මන් විය යුතු නැත.නමුත් ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන තමන්ගේ පත්තර කඩමල්ලේන් එම පුවත සදහන් කර තිබුනු අතර දැන් ප්‍රශ්ණය වන්නේ එම කිසිවක් නොවේ.එම හැම පුවත්ක් හරහාම පැහැදිලි වන කරුණනම් මහින්ද රාජපක්ෂට මේ රටේ බෙදුම්වාදීන් තුල පවතින බය බව අපනම් වටහාගෙන තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර කතානායක නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වුණේ නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ නිකුත් කිරිමයි.ජනාධිපතිවරයා හැටියට රටේ ඔනෑම කෙනෙකු මුණ ගැසිමට ඔහුට අයිතියක් තිබිය යුතුය.නමුත් මෙම ප්‍රකාශය හරහා මෛත්‍රී පෙන්වා ඇත්තේ ඔහුගේ කශේරුකාවේ ශක්ති ප්‍රමාණයයි.

මහින්දට,මෛත්‍රී හමුවිමට මෙන්ම මෛත්‍රීට මහින්ද හමුවිමටද අයිතියක් තිබේ.එවා පුවත්පත් හෝ වෙබ් අඩවි වල පලවු වහාම ජනාධිපති මාධ්‍ය අංශය හරහා නිවැරදි කිරිමට යැමෙන් සිද්ධ වන්නේ අරලියගහ මන්දිරයේ රාත්‍රීයේ ආප්ප කා පසුදා දහවල් බෙදුම්වාදීන් සමග මෛත්‍රී එකතුවිම සහ දින සියයක් තුල රටේ ජනතාවට කියු පච ලක්ෂයක් පමණ තවදුරටත් රටේ තහවුරු විම පමණක් බව මෛත්‍රී මතක තබාගත යුතු බව පමණි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.