Breaking
23 Feb 2025, Sun

ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටින ‘පතුල’ වෙබ් අඩවියේ කර්තෘ ජයම්පති බුලත්සිංහල මහතා හා ‘ලංකා නිව්ස් වෙබ්’ අඩවියේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කරන කුමී විජේවර්ධන මහත්මියත්, එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන අංශය විසින් පවත්වාගෙන ගිය ‘ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවියේ වාර්තාකරු  ශාන්ත විජේසුරිය මහතාත් ගෙන්වා ගැනිමට විදේශ කටයුතු අමාත්‍යාංශය ඔනෑකමින්ම් මගහැරිම පිළිබඳව අද උදැසන පාර්ලිමේන්තුවේදි ඩීල් කුමාර හේවත් අනුර කුමාර දිසානායක මහතා මංගල සමරවිරගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවේ මංගල ශාන්ත විජේසුරිය අමතක කරමින් කතා කර තිබේ.

ඒ සමගම යලිත් අනුර මංගලට ශාන්ත ගැන මතක් කල අතර මංගල ශාන්ත හදුනන්නේ නැති ගානටම කතා කතාව ඉදිරියට කරගෙන ගිය බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන්කළේ.එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ දර්ශණ සජිවිව විකාශය වෙමින් තිබුන අතර මංගල කලේ කුපාඩි කමක් බව කාටත් වටහා ගැනිමට මහා කාලයක් ගතවුයේ නෑ.

රාජපක්ෂලාගේ මැරකම්,ජඩකම් කියමින් අමු අමුවේ පච නිර්මාණය කිරිමට කඩේ යැවු ශාන්තව මංගල හදුනන්නේ නැති බව කිව්වෙ කුපාඩි කම නිසා බවයි අප වාර්තාකරු සදහන් කළේ.මිට මාස කිහිපයකට පෙර   ශාන්ත විජේසුරිය මංගල සමරවිර අමාත්‍යවරයා විවේචනය කරමින් ලිපියක් ද පලකර තිබුනා.

දේශපාලන රැකවරණ ලබාසිටින මාධ්‍යවේදීන් තිදෙනා ශ්‍රී ලංකාව ඒමට කත්මන්ඩු ගුවන් තොටුපලට පැමිණ ඇතත්, එම ගුවන් යානයෙන් ඔවුන් රැගෙන එම ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔවුන්ට ගුවන් ගමන් බලපත්‍රයක් නොමැතිවීම නිසාය.

දේශපාලන රැකවරණ ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් බලපත්‍රයක් පමණක් ලබාදෙන බවත්, එම කාර්යාලය ද මේවනවිට විනාශවී ඇති බැවින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදෙන ලෙස මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල මහතා කල බැගපත් ඉල්ලීම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රතිෂේප කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.