Breaking
24 Feb 2025, Mon

අගමැති සටන මහින්ද!-“ප්‍රා” රාජිතගේ බලාපොරොත්තු සුන්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනිමට නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති සටන සදහා එකතු කරගත යුතු බව ඊයේ රැස්වු පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙ බහුතර සමාජිකයන් පැවසු බව පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙ LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.නමුත් එ සම්බන්ධයෙන් නිසි අවස්ථාව එලෙබෙන තුරු කතා නොකල යුතුබවයි ශ්‍රිලනිප ප්‍රබලයන්  LNW විශේෂ වාර්තාකරු සමග කතාබහෙදි සදහන් කර ඇත්තේ. එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග සබඳතාවයක් නොපවත්වා සිටිමටද ශ්‍රිලනිප ප්‍රබලයන් තිරණයක් ගෙන තිබේ.

“මෛත්‍රී ආප්පත් කළා එලිවෙන ජාමේ ගිහින් රනිල්,චන්ද්‍රික එක්ක එකතු වුනේ….ඒ නිසා හදිසි වෙන්න ඔනෑ නෑ….වෙලාව එතකම් ඉමු.”

LNW විශේෂ වාර්තාකරු සමග  සංවාදයේ යෙදුනු හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා පලකලේ මෙවන් අදහසක්
හැමොම මේ පක්ෂය දාලා පැනලා ගිය වෙලාවේ මේ පක්ෂය
රැක්කේ…හැදුවේ……ජයග්‍රහණය කරා රැගෙන ගියේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපති තුමා….

LNWR – රනිල්- මහින්ද සන්ධානයක් ගැන විවිධ කටකතා පැතිරෙනවා මොකද කියන්නේ…….?

DMJ- අපේ ජනාධිපතිතුමාට පිස්සු නෑ ……තමන්ගේ මිනිහා මරපු උන් එක්ක ……රටේ තරුණයන් ලක්ෂ ගාණක් මරපු උන් එක්ක හිටගන්න චන්ද්‍රිකා මැඩම්ට ලැජ්ජා නැති උනාට මහින්දට ලැජ්ජාව තියෙනවා….එතුමා ගෙදර හිටියත් ඒ වගේ වැඩ කරනේ නෑ…… 

මේ අතර මාධ්‍ය හමුවේ  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ගැන කිසිදු තිරණයක් ගෙන නැති බවයි.තවමත් මැතිවරණයක් පැවැත්වීමට දින නියමකැර නොමැති බැවින් ඒ ගැන පසුව තීරණය කළ හැකි බවයි ඔහු සදහන් කළේ.

මේ අතර උප සභාපතිවරයකු ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න පත්වුවද ඔහු එතරම් සතුටකින් පසුනොවු බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නොපැමිනිම නිසා රාජිත හුදකලා තත්ත්වයකට පත්ව සිටි අතර ඔහු සමග කතා කිරිමට විශේෂ වාර්තාකරු උත්සහ කලද ඔහු මඟ හරිමින් ඉක්මනින්ම එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

මෛත්‍රී පාලනය උදා කිරිම සදහා කුමණ්ත්‍රනකරුවෙකු  ලෙස කටයුතු කල සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට පත්කරන ලෙස ජාතික හෙළ උරුමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර සිටි අතර එයද අසාර්ථක විම තුලින් මේ වන විටත් හෙළ උරුමය මෛත්‍රී විසින් ප්‍රතිකේෂප කරමින් සිටින බව පහසුවෙන්ම වටහා ගත හැක.

තිසුරි -අපේ ගමේ සිට

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.