Breaking
23 Feb 2025, Sun

ජහපාලක පාඨලිගේ මජර වැඩ~ කෑ ගහපු ටොයියෝ කෝ

පසුගියදා අප අනාවරණය කළ අකාරයටම  ප්‍රා නායක පාඨලි චම්පික රණවක තමන්ට අවශ්‍ය තින්දු ලබාගැනිම සදහා පුත්තලම් දිසා විනිසුරු රංග දිසානයක මහතා කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත්වරයා ලෙස අද පත්කිරිමට කටයුතු කර තිබේ.

චම්පිකගේ බලපෑම් මත පෙරේදා රාත්‍රී 10.00ට පමණ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණි  රංග දිසානයක මහතාට අමාත්‍යවරයා මෙම මාරුව අනුමත කර දි තිබේ.

පාඨලි චම්පික අධිකරණ අමාත්‍යවරයාට  බලපැම් එල්ල කරමින් නටන්න යන නාඩගම අමුතුවෙන් රටේ ජනතාවට පැහැදිලි කලයුතු නොවේ.රටේ ජනතාවට යහපාලනය පෙන්වන ගමන් පාඨලිලා යටින් කරගෙන යන මජර වැඩ රටේ ජනතාවට දැන් දැනගන්නට විදියක් නැත.ඉස්සර රාජපක්ෂලාගේ මාධ්‍ය ජුන්ටාවට කෑ ගහපු නිදහස් මාධ්‍යවේදින් යැයි කියාගත්තු එකෙක්වත් දැ දකිනට නැත.

පාඨලි චම්පික පරිසර හා ස්වභාවික සම්පත් ඇමැතිව සිටිය සමයේදි අමෙරිකාව සමග දුෂිත මුල්‍ය ගණුදෙනුවකද යෙදි ඇති අතර දුර්ලභ ශාක යුෂ සාම්පල 41 ක් අමෙරිකාවට යැවීමට උත්සහ ගනිද්දී රේගුව කටුනායකදී අත්අඩංගුවට ගැනිමත් සමග එම ජාවාරම නතර වි ඇති අතර මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරයාත් අමෙරිකාවේ ඖෂධ සමාගම් අතරත් කි‍්‍රයාත්මක වන ජාන ජාවාරමක් ඇති බව පවසමින් ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.