Breaking
24 Feb 2025, Mon

ප්‍රගීත් අතුරුදහන් කිරිම ගැන පරික්ෂණ පාඨලී චම්පික දෙසට!

2010 වසරේ ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් වු කාටුන් ශිල්පියෙකු මෙන්ම ලංකා ඊ නිවුස් වෙබ් අධවියේ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පරික්ෂණ හදිසියේම වත්මන් යහපාලන් රජයේ ප්‍රබල චරිතයක් වන අමාත්‍ය පාඨලී චම්පික රනවක දෙසට යොමු වෙමින් තිබේන බව වාර්තා වේ.
අප අවස්ථා ගණනාවකදිම ප්‍රගීත් අතුරුදහන් විමට පාඨලී චම්පික සම්බන්ධ බවට අනාවරණය කල අතර පසුව එවකට නේපාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටි ප්‍රගීත්ගේ සමකාලිනයෙකු වන ශාන්ත විජේසුරියද තහවුරු කර තිබුනා. 2009 දෙසැම්බර් 08 දින ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් පාඨලී චම්පික රණවක මහතා පිලිබද පලකල අතිශය පෞද්ගලික ජිවිතයට සම්බන්ධ ලිපියක් මෙම අතුරුදහන් කිරිමට සම්බන්ධ බවට අප අනාවරණය කළා.(එම ලිපිය කියවන්න – එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…)
අපකල අනාවරණයන්ට අනුව පසුගිය 2010 ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් කළ ප්‍රගීත් එක්‌නැලිගොඩ සම්බන්ධයෙන් අප කළ හෙළිදරවු වලින් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගිය සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ විකුණා කමින් මුදල් හම්බකල වර්තමානයේ යහපාලන වන්දනාවේ යන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් හමුවි මේ සම්බන්ධයෙන් කතාකරන් ලෙස ඉල්ලිමක් කර තිබුනද ඔහුන් සියලුම දෙනා යහපාලන ආණ්ඩුවේ වන්දිභට්ටයන් වි සිටිම නිසා එය සම්පූර්ණයෙන් නතර වි ගියා .(එම ලිපිය කියවන්න – ප්‍රගීත් අමතක වේ – සන්ධ්‍යා තනි වේ)
කෙසේ වෙතත් අමාත්‍ය පාඨලී චම්පික රනවක යලිත් රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා ගේ යහපාලන ආණ්ඩුවට විරුද්ධව යමින් සිටින බවට බුද්ධි අංශ අනාවරණය කිරිමත් සමග එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු හෙලිකරගෙන තිබේන බවත් ඒම මෙම දුරකථන 22 දිවයිනට ගෙන්වා ඇත්තේ එවකට ආණ්ඩුවේ සිටි ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සමිප මිතුරෙකු බවට තොරතුරු අනාවරණය වි ඇති බවට රහස් පොලීසිය වාර්තා කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු හෙලිකරගෙන තිබේන අතර  මෙම දුරකථන 22 දිවයිනට ගෙන්වා ඇත්තේ කවුරුන්දැයි සොයාගැනීම සඳහා රේගුවට වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබේ.
එසේම අදාළ ජංගම දුරකථන වලින් ගනු ලැබූ ඇමතුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිසමටද අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබේන බව වාර්තා වේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.