Breaking
23 Feb 2025, Sun

නොබෙල් තැග්ග වෙනුවෙන් රට බිල්ලට දීම

කුරුණෑගලදි හූ…හඩ සහ කුණුහරූප වලින් සංග්‍රහ බෙදුම්වාදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යලිත් දකුණේ රැස්විම් සදහා සහභාගි විම නතරකර දමා තිබෙන බව වාර්තා වේ.නමුත් මන්ගේ පක්ෂයෙන් පිට රැස්වීම් වලට සහභාගි වන සියලු දෙනාට දඩුවම් කරන්න යෝජනා කරමින් ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ කොළඹ ශාඛාව සංවිධානය කල, පක්‍ෂයේ නිර්මාතෘ වන එස්.ජේ.වී.චෙල්වනායගම් මහතාගේ අනුස්මරණ වැඩසටහන චන්ද්‍රිකා එක්වුයේ බෙදුම්වාදීන් සමග තමන්ගේ ඇති සබඳතාවයන් ජනතාව හමුවේ යලිත් තහවුරු කිරිමට බව දැන් නොරහසකි.

වරක් නොබෙල් ත්‍යාගය  ලබාගැනීමට කොටින්ට උතුර බෙදා දීමට සැරසුණු චන්ද්‍රිකා නැවතත් මේ සුදානම් වන්නේ සිංහල ඒකාධිකාරය අවසන් කිරිම හරහා යලිත් නොබෙල් ත්‍යාගයට වගකිමටද?

“අප අද යුද්ධයෙන් ජයග්‍රහණය කර ඇත්තෙමු. එනමුත් තවමත් සාමය දිනාගත්තේ නැත. ගැටුමක් හෝ යුද්ධයකදී සාමය ගෙනඒම අවශ්‍යය නැත. යුද්ධය නොමැතිවීම සාමය යනුවෙන් ප්‍රකාශ කිරීමටද නොහැකිය.

ජයග්‍රහණයට වඩා සාමය ඉතා වටිනාය. බොහෝ යුද්ධයන්හි ජයග්‍රහණය සාමය ගොඩනැගීම අරමුණු කරගත් ඒවා නොවුණි.

ඉතිහාසය තුල වැරදි කලේ කවුද යනුවෙන් මතක් කරමින් සිටිය නොහැකිය. ක්‍රමවේද සහ ගැඹුරු අංශ වෙනස් කර, ගැටුම් සමතයකට පත්කර ගැනීමට පූර්ණ ක්‍රමවේදයක් අවශ්‍යය. සුළු ජාතිකයින්ගේ ගැටළු වලට සාමකාමී දේශපාලන විසඳුමක් ලබාගැනීමට චෙල්වනායගම් උත්සාහ කල බව අප දන්නෙමු. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම, ඩඩ්ලි – සෙල්වා ගිවිසුම යනාදිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ලදි.

මාගේ පියා වන බණ්ඩාරනායක විසින් ගෙනඑන ලද ‘සිංහල පමණක්’ නීතිය සමහරෙකු සිංහල ඒකාධිපතිවාදය ස්ථාපිත කිරීම සඳහා වන තීරණයක් ලෙස දකින ලදි. එනමුත්, මට එලෙස බැලිය නොහැකිය. වත්මන් රජය ඉඩම් ගැටළුවට විසඳුම් දැකීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කාන්තාව ගෘහමූලික කරගත් පවුල් වල ආර්ථික සංවර්ධනය, යුද්ධයේ අවසන් අදියරයේදී දෙපාර්ශවය විසින් සිදුකල යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම තුලින් වගවීම තහවුරු කිරීම, දෙමළ ජනතාවට සමාන අවස්ථා ලබාදෙන අන්දමින් සියළුදෙනාට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාගැනීම යන කරුණු වලට ප්‍රමුඛත්වයදී කටයුතු කරයි” 

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));

Posted by රට නඟන නිල් රැල්ල – Rata Nagana Nil Ralla on Sunday, April 26, 2015


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.