Breaking
25 Feb 2025, Tue

ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු මැතිවරණ සටන

ජූලි පළමුවෙනිදා අධි ඇසළ පොහොය විය. බෞද්ධ සාහිත්‍යයේ අධි පොහොයවල සිදු වූ විශේෂ සිද්ධි නොමැත. මැදමූලන අද ධර්මදේශනය පැවැත්වූ භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙවර අධි ඇසළ පොහොය මහින්ද රාජපක්‍ෂට ජනතාව අණකළ පොහොය විය. මැදමූලනට දිවයිනේ දසතින් වැඩම ළ භික්‍ෂූන් වහන්සේ හා ගිහි ජනතාව මහින්දට අණ කළේ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ය. මහින්ද ඒ අණ පිළිගත්තේ ය. එපමණක් නොව ආණ්ඩුවක් පිහිටුවන බව ද ප්‍රකාශ කෙළේ ය. 

ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු මැතිවරණ සටනක් ආරම්භ වී ඇත. ඒ රටේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය හා ඒකීයත්වය වෙනුවෙන් වෙයි.  මෛත්‍රිගේ පිළ යැයි කිවහැකි පිරිසක් දැන් නැතිවුවත්, ප්රාජිත, එස් බී, එම් කේ ඩී එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි කිහිප දෙනකු හැරෙන්නට සෙසු ශ්‍රි ල නි ප මන්ත්‍රීන් සංවිධායකයන් වත්මන් සංධාන මන්ත්‍රින් හා සංවිධායකයන්  හා එක් ව මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් දැනට ලියා පදිංචි වී ඇති යම්  පක්‍ෂයකින් තරග කිරීමට නියමිත ය. ඒ ශ්‍රී ල නි ප නොවන බව නම් පැහැදිලි ය. ඇතැම් විට ඒ එක්කෝ එක්සත් ජනතා නිදහස් සංධානය ම විය හැකි ය. නැත්නම් මහජන එක්සත්  පෙරමුණ විය හැකි ය. එසේත් නැත්නම් වෙනත් දේශපාලන පක්‍ෂයක් විය හැකි ය. ඒ කුමක් වුවත් ඔවුහු මෛත්‍රිපාල නම් පාවා දෙන්නාගෙන් නාම යෝජනා බලාපොරොත්තු නො වෙති. බොහෝ දෙනෙක් මෛත්‍රිපාල සතපහකට විශ්වාස නො කරති. 

ජාතික හෙළ උරුමයට යන එන මං නැත. මැතිවරණයේ දී මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂයට ආසන පහක් බලාපොරොත්තු විය නො හැකි ය. මහින්දගේ සංධානය, එය කුමන පක්‍ෂයක් වුවත්, ජය ලබනු ඇත. එයට නිවැරදි සටන් පාඨ ඉදිරිපත් කළහොත් ආසන එකසිය විසිපහක් පමණ ලබාගත හැකි ය. පනස්හයක් ඉන් අවුරුදු හැටකට පසු නැවත නිර්මාණය කර ගත යුතු ය, කර ගත හැකි ය. ඒ අතර තිබෙන ව්‍යවස්ථාවට පිටින් ගොස් 1972 දී කළාක් මෙන් ව්‍යවස්ථාදායක සභාවක් මගින් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනවරමක් ලබා ගත යුතු ය. 

ජාතිකත්වය තහවුරු කිරීම, රටේ ස්වෛරීභාවය රැකීම, ඒකිය භාවය පවත්වාගෙන යැම, ආර්ථිකය නගා සිටුවීම, රටට ගැලපෙන අධ්‍යාපනයක්, සංවර්ධනයක් හා නීති පද්ධතියක් ඇති කිරීම, උපදේශක භික්‍ෂූ මණ්ඩලයක් නිකායත්‍රයෙහි ම සහභාගිත්වයෙන් උන්වහන්සේලා විසින් පත්කරනු ලැබීම ආදී කරුණු රාශියක් ගැන ද තීරණ ගැනීම මැතිවරණයේ දී සිදුවිය යුතු ය. 

එසේ ම ජනතාවට මෙම මැතිවරණයේ දී ඡන්දය දී ගෙදර ගොස් අපේ යුතුකම අප ඉටු කළා යැයි සතුටු විමට නො හැකි ය. කවුරු ජයග්‍රහණය කළත් රනිල් වික්‍රමසිංහ අගමැති යැයි සජිත් ප්‍රේමදාස කියන්නේ නිකමට විය නො හැකි ය. මෙය බටහිරයන් හා මෛත්‍රිපාල අතර ඇති ගිවිසුමෙන් ගලා එන්නකි. මේ බටහිරයන්ගේ ලංකා වසන්තය ය. එහි එකම තේරුම මහින්දගේ පුනරාගමනය වැළැක්වීම ය. අප ඒ වසන්තය බටහිරයන්ට හේමන්තයක් බවට පත් කළ යුතු ය. 

ඒ කළ හැකි එක් ක්‍රමයක් නම් මහින්දගේ සංධානයට ඉතා වැඩි ආසන ගණනක් ලබා දීම ය. දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල සහාය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමටත් ව්‍යවස්ථාදායක සභාව මගින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් හැකි වන පරිදි ආසන සංඛ්‍යාවක් මහින්ද සංධානයට ලබා දීම දේශප්‍රේමීන්ගේ වගකීම වෙයි. ඒ සඳහා වහාම මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ය.

නලින් ද සිල්වා


2015 ජූලි 01

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.