Political

පරාජයෙන් වියරු වැටුනු යමපාලනය අහිංසකයන් බිල්ලට ගනී

පරාජයෙන් වියරූ වැටුනු රාජපක්ෂලා දඩයමේ යන යහපාලන හෙංචයියන් හේතුවෙන් අහිංසක මිනිසුන්ට ජිවිත වලින් වන්දි ගෙවිමට සිදුව තිබේ.

සිරිලිය සවිය බැංකු ගිණුම් අත් හිටුවීමෙන් එම සංවිධානයේ මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු මේ වන විට මියගොස් ඇති බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ  කටඋත්තරයක් දෙමින් හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය අනාවරණය කළා.

සිරිලිය සවිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට සහාය වීම පිණිස රාජපක්ෂ මහත්මිය කටඋත්තරයක් ලබාදුන් බවත් මෙකී සංවිධානය දේශීය හා විදේශීය මූල්‍ය හා ද්‍රව්‍යමය පරිත්‍යාග මත කටයුතු කරන්නක් බවත් එහි කටයුතු සඳහා රජයේ මුදල් හෝ දේපල කිසිවක් භාවිතා වී නැති බවත් ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top