Breaking
23 Feb 2025, Sun

ශ්‍රිලනිප සභාපති ධුරයෙන් පිංගුත්තරයා එලවන බව කී සැනින්…මෛත්‍රී බත් බැලයන් අංඥකොරොස් වේ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහා ඉවත් විය යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් පිරිසක් ඉකුත්දා සම්මත කරගත් යෝජනාවත් සමග මෛත්‍රී බත් බැලයන් කලබලයට පත්ව සිටින බව ශ්‍රිලනිප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු සදහන් කළා.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයන් නිකුත් කරන ලෙසට මෛත්‍රී ඔහුගේ බත් බැලයන්ට පවසා තිබේන අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මාධ්‍ය හමුවේ ප්‍රකාශයන් කරමින් පවසා ඇත්තේ එම යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර මතය නොවන බවයි.

බස්නාහිර පළාත්  ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති සමුළුවකදී අදාල යෝජනාව සම්මත කර ගැනුණා. එම යෝජනාව ඉදිරිපත් කළේ අත්තනගල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු වන සිසිර කුමාර බුලත්සිංහල මහතායි. මිනුවන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන අතුල සේනානායක මහතා එය ස්ථිර කර තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිටත් ශ්‍රිලනිපයේ තමන්ට අවනත මන්ත්‍රිවරුන් 10 හැර අනිකුත් සියලුම දෙනා සම්බන්ධයෙන් ඇති චොදනා සහිත ෆයිල් වහාම තමන්ට ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන ලෙසත් චන්ද්‍රිකා කුමාරතුංග ඇයගේ ඇම්බැට්ටයන්ට දැනුම්දි තිබේ.මේ අතර පසුගිය දින කිහිපයේම ශ්‍රිලනිපයේ කුජීත බත්බැලයෙකු වන කේ ඒ ඩී එස් ගුණවර්ධන චන්ද්‍රිකා සමග එක්ව මන්ත්‍රිවරුන්ට එරෙහිව ඇති චොදනා සම්බන්ධයෙන් සොයමින් සිටියි.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුළත් කොළය ලකුණින් මහින්ද රාජපක්ෂ සමග පාර්ලිමේන්තුවට තරග කරන බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගියදා කල ප්‍රකාශයෙන් පසුව  ගුණවර්ධන ඩිලාන් අමතා අසා ඇත්තේ .” ඩිලාන් සෞදි අරාබියේ තියෙන ඉඩම් ගැන රටේ ජනතාව දැන ගන්නවාට කැමතිද…” යනුවෙනි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.