Breaking
23 Feb 2025, Sun

විනිල්ගේ කුඩු සල්ලිවලින් දුවන ජේ. සී. අලවතුවල

වෙලේ සුදා නොහොත් ලංකාවේ මෑතකදී ප්‍රසිද්ධියට පත් වූ මහා කුඩු ජාවාරම්කරු දුමින්ද සිල්වා මහතා සමග ව්‍යාපාර කරගෙන යන බවට කට කතාවක් ඇත. කෙසේ වෙතත් උණුසුම් පුවතක් අපට වාර්තා වුනේ වෙලේ සුදා සමග පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන විනිල් මහතාද කුඩු ව්‍යාපාරය කරගෙන යන බවය. විනිල් මැණික් එළියේ දමාගෙන ඇතුළෙන් කුඩු විකුණන බව ප්‍රසිද්ධ රහසක්ව තිබුනත් වෙලේ සුදා සමග කුඩු විකුණන බව දැනගන්නට ලැබී ඇත්තේ අධිකරණය හමුවේ සාක්ෂි කරුවන්ගේ සාක්ෂි  සැපයීමකදීය.

කෙසේ වෙතත් ලංකාවටම ඇත්තේ හමර් රථ 9 යකි. ඉන් එකක් විනිල් මැණික්ගේය. ඔහු එම රථය පරිහරණය කිරීමට දී ඇත්තේ තමාගේ ලේලියගේ පියාණන් එනම් තමාගේ මස්සිනා වන වයඹ පළාත් සභාවේ  විපක්ෂ නායක අලවතුවල මහතාටය.

අලවතුවල යනු ජනතාව දන්නා තරමට සිපිරිසිදු චරිතයකි. ඔහුගේ පියාද හිටපු ඇමතිවරයෙකි. නමුත් ඔහු මෙතෙක් කල් රඟදක්වා ඇත්තේ සිංහ හම පොරවාගත් නරියෙකුගේ චරිතයකි. මීට පෙර වයඹ පළාතේ විපක්ෂ නායකව සිටි විශාල ගාම්භීර දේශපාලන ඉතිහාසයක් ඇති ශමල් සෙනරත් මහතාවද පරදවා අලවතුවල විපක්ෂ නායක වුයේ කෙසේද යන්න  පාරම්පරික එජාප ජනතාවට ප්‍රශ්නයක් විය.

අද එම ප්‍රශ්නයට වයඹ පළාතේ ජනතාවට මෙන්ම මුළු රටේම ජනතාවට පිළිතුරු ලැබී ඇතිබව පෙනී ගොස් ඇත. වයඹ පළාත් සභාව යනු ජයවික්‍රම පෙරේරා, ප්‍රේමචන්ද්‍ර, එස්. බී, නාවින්න, ජයරත්න හේරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි දේශපාලන බලමුළුවලින් ස්ථාපිත වූ බලකොටුවකි. එම බලකොටුව තුළ අද කුඩ්ඩන් රජකරවීම වයඹ පළාතේ විනාශයට හේතුවී ඇත.

අලවතුවල යනු තමාගේ මස්සිනාගේ කුඩු සල්ලිවලින් දේශපාලනය කර තම  පක්ෂයේම සහෝදර මන්ත්‍රීවරුන්ටද ගැටළුවක් වී ඇති චරිතයකි. මර්වින්ලාට, දී.මු ලාට, දුමින්දලාට සුදාලට කුඩ්ඩන් කියා නම් තැබුවද අප්‍රසිද්ධියේ කුඩු වලින් රජ වූ පැල්මඩුල්ලේ විනිල් මැණික් ලා සමග එකතුවී ජනතාව රවට්ටන අලවතුවල නමැති කුඩ්ඩන් වයඹට කරන විනාශය අද හෙළිදරව්වී ඇත.

”රට රකිමු එක්සත්ව” සංවිධානය 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.