LNN SPY

ලබන මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට නම් …………

“සාමය, සතුට හා සෞභාග්‍යය’ සෑම  රටකම ජනතාවකගේම පැතුමයි. මෙය නව අවුරුදු සුබපැතුමක් වන්නේ ඒ නිසාය.

“සාමය, සතුට හා සෞභාග්‍යය’ බලාපොරොත්තුවන ප්‍රජාතාන්ත්‍රවාදී රටක රජයේ වගකීම ලෙස පහත දැක්වෙන කරුනු තුන චන්දදායකයන් බලාපොරොත්තුවෙති.

1. රටේ ස්ථාවරත්වය සුරැකීම
2. රටේ සංවර්ධනය ඇතිකිරීම
3. ජනතා අයිතීන්ට ගරුකිරීම

මහින්ද රජය 1 හා 2 ඉටුකල අතර 3 කරුණ බොහෝදුරට  නොසලකා හැරිය බව 2015 චන්දය දුන් 62 ලක්ෂයක් ජනතාවගේ මතය විය. යහපාලනය එතරම් ප්‍රබල ජනතා අපේක්ෂාවක් වී මහින්ද රජයට සුලි සුලඟක් වූයේ ඒබැවිනි.

අද යහපාලන රජය 1,2 කරුණු වලින් තමන් මහින්දට වඩා ගව් ගනනක් පිටුපසින් බව ඔප්පු කර ඇත. මෛත්‍රී රනිල් චන්ද්‍රිකා රජයට විරුද්දව විශාල මහින්ද රැල්ලක් නැගී එන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසාය.

එහෙත් එම රැල්ල සැබැවින්ම මහින්ද බලයට ගෙන ඒමට ප්‍රමානවත්ද ?

රජයක් පිහිටවීමට නම් අසන 100කට වැඩි ප්‍රමාණයක් දිනිය යුතුය. දැනට තිබෙන මහින්ද රැල්ල ආසන 70-80 අතර ප්‍රමානයක්  ගෙන ආවත් රජයක් පිහිටවීමට එය ප්‍රමානවත් නොවේ

එමනිසා ඉතුරු  ආසනද  ලබාගැනීමට මෙතැන් සිට විශේෂ අවධානයක් අවශ්‍ය වේ

ඉතුරු ආසන ප්‍රමානය තීරනය වන්නේ පාවෙන චන්ද වලින් තවමත් වැට උඩ සිටින හෝ තවමත් මහින්ද විරෝදී අය  මතිවරණයට පෙර දිනා ගැනීමේ හැකියාව මතය.

ඒ සඳහා මෙම පාවෙන චන්ද මොනවාදැය් හඳුනාගැනීමට අවශ්‍යය. ඔවුන්ට අවශ්‍ය මොනවාදැය් හඳුනාගැනීමට පුලුවන් වන්නේ එවිටය.

*  2015 ජනවාරි චන්දයේදී  මිලියන 1 කට වඩා ඡන්දය ප්‍රකාශ කලේ පලමුවරට ජනාධිපතිවරණයක ඡන්දය දෙන තරුණ කොටස්ය. මොවුන්ගෙන් බහුතරය මහින්දට විරුද්දව චන්දය දුන් බව අප උපකල්පනය කල යුතුය…. ඒ සඳහා බලපෑම් කලේ අන්තර්ජාලයය් හරහා රජයේ දූෂන වංචා පිලිබඳ විපක්ෂයෙන් පෙන්වූ කරුණු පිලිබඳව ඔවුන් තුල ඇතිවූ දැඩි විශ්වාසය හා කලකිරීමය්. ලංකාවේ තරුණ පිරිස්, විශේෂයෙනම මද්‍යම පාන්තික තරුණ කොටස් වැඩිදෙනෙකු   රාජපක්ෂ තරුණයන් තිදෙනාට ඊර්ෂ්‍යා කරන්නටද ඇති බව අප වටහ ගත යුතුය. මෙය ඉතා මානුශික ප්‍රශ්නයකි. රාජපක්ෂ තරුණයන් විවිධ ක්‍රීඩා කරමින් විනෝද වීමට ලැබුනු විශාල මාධ්‍ය ප්‍රචාරය ඔවුන් සතුටු කල දෙයක් විය නොහැක.

* 2010 මහින්දට ඡන්දය දුන් මුස්ලිම් ජාතිකයන්  අප සැලකිය යුත්තේ පාවෙන චන්ද ලෙසය. ඔවුන්ගෙන්ද බහුතරය අනෙක් මුස්ලිම් වරුන් හා එක්ව 2015 චන්දය දුන්නේ මෛත්‍රිපාලටය. …ඒ සඳහා බලපෑම් කලේ බොදුබල සේනාව විසින් ඇතිකල ප්‍රශ්නයයි.

* ලංකාවේ සිටින ක්‍රිස්තියානි හා කතෝලික ආගමිකයන් අතර 2010 මහින්දට ඡන්දය දුන් බහුතරයක් 2015 මහින්දට විරුද්දව මෛත්‍රිපාලට චන්දය දුන් බව අප උපකල්පනය කල යුතුය…..ඒ සඳහා බලපෑම් කලේද බොදුබල සේනාව , රාවණ බලය වැනි සංවිධාන විසින් ඇතිකල ප්‍රශ්නයි.

* ලංකාවේ රාජ්‍ය සේවකයන් අතර 2010 මහින්දට චන්දය දුන් විශාල පිරිසක් 2015 මහින්දට විරුද්දව මෛත්‍රිපාලට චන්දය දුන් බව අප උපකල්පනය කල යුතුය…. ඒ සඳහා බලපෑම් කලේ ඒ ඒ ආයතනවල් ඇමතිවරුන් කෙරෙහි තිබූ අප්‍රසාදය හා විපක්ෂය මගින් ලබාදුන් ඡන්ද පොරොන්දුයි.

* ලංකාවේ පෞද්ගලික අංශවල රැකියා කරන සේවකයන් අතර 2010 මහින්දට චන්ද්ය දුන් විශාල පිරිසක් 2015 මහින්දට විරුද්දව මෛත්‍රිපාලට චන්දය දුන් බව අප උපකල්පනය කල යුතුය….ඒ සඳහා බලපෑම් කලේ පසුගිය රජය රාජ්‍ය අංශයට වැඩි අනුග්‍රහයක් දැක්වීමේ ප්‍රතිපත්තිය හා රජයේ දූෂන වංචා පිලිබඳ විපක්ෂයෙන් පෙන්වූ කරුණු පිලිබඳව ඔවුන් තුල ඇතිවූ විශ්වාසයයි.

මොවුන් මහින්දට විරුද්දව  ඡන්දය දෙන්නට හේතුවූ ප්‍රදාන කාරනා මොනවාද ?.

*දූෂන වංචා ගැන අප්‍රසාදය
*පවුල්වාදය ගැන අප්‍රසාදය
*ජාතිවාදය ගැන අප්‍රසාදය
*ආගම්වාදය ගැන අප්‍රසාදය

අප මුලින් කී පරිදි මේ සියල්ල ” ජනතාවට ඇති ගෞරවය’ හෙවත් 3 වන කරුණට සම්බන්දය.

රාජපක්ෂ රජය දූෂිතය යන මතය මහජනතාව අතරට ගෙන යන්නට විපක්ෂය කාලයක් තිස්සේ ඉතා දක්ෂව මාද්‍ය හැසිරවූ බව අප පිලිගත යුතුය.  සුලු කලකින් මෙය වෙනස් කිරීම ඉතා අසීරු කරුණකි.  නිවැරදි අයෙකුගේ වුනත් මහජන මතය ඔහුට විරුද්ද නම් ඔවුනට සුදු හුනු ගෑමට දැන් කල් මදිය. එමනිසා දැන් කලයුත්තේ බරපතල දූෂණ චොදනා තිබෙන අය මැතිවරණ වේදීකාවෙන් ඉවත්කොට තැබීමය.

ලබන  මැතිවරණයෙදී රට රැක ගැනීම ප්‍රධාන මතෘකාවක් විය යුතු වුවද අතිශය ජාතිවාදී පදනමක සිට සිංහල බෞද්ධ චන්ද වලට පමනක් යාමෙන් සුලුජාතික පදනමක් ඇති ආසන සියල්ල පරාජය වීමේ අවදානමක් ඇත. එම නිසා දෙමල අන්තවාදය හා මුස්ලිම් අන්තවාදය යන දෙකම පටලවා නොගැනීම වැදගත්ය.

ඒ අනුව බොදුබල සේනා, රාවන බලය වැනි අන්තවාදී සංවිධාන පැහදිලිවම ඉවත් කොට තබා ගැනීම වැදගත්ය.

රටට අවශ්‍ය වන්නේ නොවෙනස් වූ මහින්දද නැත්නම් වැරදි නිවැරදි කරගත් මහින්දද ? නොවෙනස් වූ මහින්දදටද ආසන 70-80  දිනිය හැකි බව අද ඇති රැල්ලෙන් හැඟේ. එහෙත්  ආසන 100 කට වඩා දිනන්නටනම් ඉදිරිපත් වියයුත්තේ වැරදි නිවැරදි කරගත් මහින්දය.

මහින්ද වෙනස් වී ඇති බව අපි චන්දාදායකයන්ට ඒත්තු ගන්වන්නේ කෙසේද ? මැතිවරණ අභියෝගය එයය්.

පහත දැක්වෙන ප්‍රශ්න 3 ට උත්තර සොයා ගතහොත් මෙම අභියෝගය ජයගත හැක

1) රාජපක්ෂ පවුල්වාදය නැවත නො-එන බවට චන්දදායකයන් විශ්වාස කලයුත්තේ මන්ද ?

2) නව රාජපක්ෂ පාලනය දූෂනයෙන් තොර එකක් වේ යැය් චන්දදායකයන් විශ්වාස කලයුත්තේ මන්ද ?

3) රාජපක්ෂ පාලනය රට තුල ජාතික හා ආගමික සංහිදියාව ඇති කරාවී යැය්චන්දදායකයන් විශ්වාස කලයුත්තේ මන්ද ?

ලබන මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට නම් මතක තබා ගත යුතු කරුණු හා කල යුතු දේ.

“සාමය, සතුට හා සෞභාග්‍යය’ සෑම  රටකම ජනතාවකගේම පැතුමය්. මෙය නව අවුරුදු සුබපැතුමක් වන්නේ ඒ නිසායි.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top