Breaking
21 Feb 2025, Fri

මානව හිමිකම් කොමසාරිස්‌ගේ කපටිකම -රට බෙදිම නව පියවරක

මානව හිමිකම් කොමසාරිස්‌ යෙසිද්රාද් හුසේන් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව මාස 6 කින් කල්දැමීම මුළුමනින්ම ප්‍රොඩාවක්‌ බව තහවුරු වී ඇත.ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත එකී වාර්තාව කල් දැමූ බව පැවසූවත් හුසේන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රකර් වෙත යෑවූ ලිපියෙන් කියන්නේ වඩා සවිස්‌තර වාර්තාවක්‌ සඳහා තමා ක්‍රියා කරන බවයි.

මේ ඒකපාක්‍ෂික වාර්තාව ඔහුගේ පරීක්‍ෂණ මණ්‌ඩලය සකස්‌ කර ඇත්තේ පැමිණිලකරු සාක්‌කිකරු සහ විනිසුරු ලෙසිනි.

මේ ඊට අදාළ කරුණුයි.

 

1. යුද අපරාධ වාර්තාවේ සාක්‌කි කරුවන් කව්දැයි අනාවරණය වන්නේ 2035 වසරේදීයි.

2 සාක්‌කිකරුවන් සත්‍ය පවසන්නේද සහ තක්‌කඩීන්ද යන්න තීරණය කර ඇත්තේද පරීක්‍ෂණ මණ්‌ඩලයයි.

3. පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‌කිදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයන්ට ඊට අවසර ලැබුණේ නැත.

4 සාක්‌කිකරුවන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමක්‌ද සිදු වී නැත.

5 යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ විනිසුරුවකු වු හිටපු පින්ලන්ත ජනාධිපති මරාටි අහිට්‌සාරි ඇල්බේනියානු මාපියා කල්ලියෙන් අල්ලස්‌ ගත් බවට චෝදනා එල්ල විය.

6. මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් කොටි ත්‍රස්‌තවාදය නිසා විපතට පත් වූවන් වෙනුවෙන් හඬ නගා නැත.

7 යුද අපරාධ වාර්තාව පසුබිමේ ඇමරිකාව සිටින බවට තහවුරු විම.

මෙයට පෙර එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයද ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ සකස්‌ කළේය. එම දරුස්‌මාන් මණ්‌ඩලය හමුවේ සාක්‌කි දුන් පිරිස 2031 දී අනාවරණය කරන බව ඔහු සඳහන් කර තිබුණි. මේ පසුබිම මැද වත්මන් මානව හිමිකම් කොමසාරිස්‌ගේ යුද අපරාධ වාර්තාවට දායක වී ඇති පිරිස කොටි හිතවාදීන් යෑයි තහවුරු වී තිබේ.

එසේම වන්නියට අඩිය නොතැබූ චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේගේ සහ හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන්ගේද සාක්‌කි ලබා ගෙන ඇත.මේ සාක්‌කි පිළිගත හැකිද?

මානව හිමිකම් කවුන්සිලය ඉතා කපටිකමක්‌ කරන බව ජිනීවාහි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුමානායගම් වරක්‌ පවසා තිබුණි. එය සැබෑවී ඇත. සෙයිද් රාද් හුසේන් මාස 6 ක්‌ මෙරටට කල්දීම යනු ශ්‍රී ලංකාවට කිසිසේත් සහනයක්‌ නොවේ. ඉන් ඔහු උත්සාහ කර ඇත්තේ යුද අපරාධ විමර්ශන වාර්තාවට තව තවත් අලුත් සාක්‌කි ලබා ගැනීමට ක්‍රියා කිරීමයි.

ශ්‍රී ලංකා රජය මෙම යුද අපරාධ වාර්තාව කල්දමන ලෙස ඉල්ලීමක්‌ කළ බව කියමින් සෙයිද් රාද් හුසේන් වාර්තාව කල් දැමීමට තමා නිර්දේශ කරන බව පවසා තිබේ.රජය එම ඉල්ලීම කර ඇත්තේ පෙබරවාරි 13 දායි මෙය පුදුමයක්‌ වන්නේ සෙයිද් රාද් හුසේන් එදිනම සිය නිර්දේශය යොමු කිරීමයි.

මෙලෙස මාස 6 කින් වාර්තාව කල් දැමීමත් සමගම කොටි හිතවාදී සංවිධාන හයක්‌ ඔහු වෙත ලිපියක්‌ යවමින් අලුත් සාක්‌කි ලබා ගැනීමට පරීක්‍ෂණ කණ්‌ඩායමේ නියෝජිත පිරිසක්‌ ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලා ඇත.

ඒ සඳහා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගෙ-න්ද්‍රකුමාර් පොන්නම්බලම්ද දායක වී ඇත.

මේ තත්ත්වය මැද යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ මාර්තු 25 දායි. එම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් බව මානව හිමිකම් කොමසාරිස්‌ පවසා තිබුණි.එසේ නම් යළිත් වරක්‌ සාක්‌කි කැඳවන්නේ කෙසේද? මානව හිමිකම් කොමසාරිස්‌වරයා සවිස්‌තර වාර්තාවක්‌ සකස්‌ කරන බව පැවසීමෙන් ඔහු සෘජුවම කොටි ඩයස්‌පෝරාවට සහය වී ඇත.

අලුතින් සාක්‌කි කැඳවන්නේ නම් යුද අපරාධ ගැන තොරතුරු යළිත් දැනුම්දිය හැකි බව ඔහුගේ කාර්යාලය විසින් නිවේදනය කළ යුතුව ඇත.

එහෙත් මේ දක්‌වාම එවැන්නක්‌ සිදු වී නොමැත. එසේම යුද අපරාධ වාර්තාව කල් දැමීමට ගත් තීරණය අතිශයින් දුෂ්කර වූ බවද ඔහු ප්‍රකාශ කර ඇත.

එයද කපටිකමකි. මාස 6 කට පරීක්‍ෂණ වාර්තාව කල් දැමීමට තීරණය කළේ නම් අලුතින් සාක්‌කි නොකැඳවීමට තීරණය කළ යුතුව තිබුණී.

සෙයිද් රාද් හුසේන්ගේ ක්‍රියාදාමය ඇමරිකානු න්‍යාය පත්‍රයේ කොටසකි. සෙයිද් රාද් හුසේන්ගේ පරීක්‍ෂණ වාර්තාවෙන් ශ්‍රී ලංකා රජය වරදකරුවී ඇති බව කල්තියා පැවසූවේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන්ය.

එසේම යුද අපරාධ වාර්තාවේ නම් සඳහන් පිරිසට දඬුවම් කළ යුතු යෑයි බ්‍රිතාන්‍යයේ ලී ස්‌කොට්‌ මන්ත්‍රීවරයා කියයි.

ඔහු චූදිත ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයයි. මිනිසුන් රැවටිය හැක්‌කේ එක්‌වතාවක්‌ පමණක්‌ යෑයි ඒබ්‍රහම් ලින්කන් නැමැති ඇමරිකානු ජනාධිපතිවරයා වරක්‌ පළ කළේය.සෙයිද්රාද් හුසේන්ද සිදු කර ඇත්තේ රැවටීමක්‌ මෙන්ම ප්‍රොඩාවකි.

කීර්ති වර්ණකුලසූරිය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.