Breaking
23 Feb 2025, Sun

“රට කෑව මෛත්‍රී” නමින් රනිල්ගෙන් මඩ පොතක් මුද්‍රණයට-මෛත්‍රීගේ අතිශය පෞද්ගලික තොරතුරුත් දාලා

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය සටන මෙහෙය විමට ලැබිමත් සමග බෙදුම්වාදීන්ගෙන් මුදල් ගෙන රනිල් වික්‍රමසිංහලා සමග එකතුවි කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිපදෙනකු එකතුවි “රට කෑව මෛත්‍රී” නමින් පිටු 6ක ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත් පතක්  මුද්‍රණය කිරිම සදහා කටයුතු කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සිටිමින් ශ්‍රිලනීපය විනාශ කරමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වු ආකාරය රහසීගත ඡායාරූප කිහිපයක්ද සමග ලිපියක් සහ සොඛ්‍ය අමාත්‍යවරයාව සිටියදි කල ටෙන්ඩර මගඩි කිහිපයක් පිළිබඳව තොරතුරු සහ සිරිසේන මහතාගේ පවුලේ පෞද්ගලික තොරතුරු රැසක්ද එයට ඇතුලත් කර තිබේ.

මිට අමතරව මෛත්‍රීපල සිරිසේනගේ දෙවැනි දියණිය වන ධරණී සිරිසේනගේ අතිශය පෞද්ගලික තොරතුරු රැසක්ද එම මඩ පත්තරයට එකතු කර තිබේ.ධරණී 10 වසර අධ්‍යාපණය ලබන කාලයේ කොන්දොස්තර වරයෙකු සමග පැනයාම,11 වසරේදි යලිත් කොල්ලෙකු සමග පැන යැම සහ වැඩිමහල් දියණීය වන චතුරිකාගේ පාසල් පෙම්වතා රීය අනතුරකින් ඝාතනය කිරිම සහ මෛත්‍රීගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳවද තොරතුරු ඇතුලත්ව තිබේ.මිට අමතරව පෝරෝ පහරකින් ජිවිතක්ෂයට පත්වු ප්‍රියන්ත සිරිසේන සම්බන්ධයෙන් සහ දැනට ශ්‍රි ලංකා ටෙලිකොම් සභාපති වරයා ලෙස කටයුතු කරන රනිල්ගේ වෙබ් මාධ්‍ය හරහා නිරන්තර මඩ ප්‍රහාරයන්ට ලක්වන සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර තිබේ.

පසුගිය දිනකිහිපය තුල හදිසියේම පත්තර කඩමල්ලක් නමක් යොදාගනිමින් අටවාගත් මඩ කන්තොරුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර එම මඩ පත්තරයට ශ්‍රි ටෙලිකොම් හරහාම විශාල මුදලක් ලැබි තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

සියලු තොරතුරු බලාපොරොත්තු වන්න 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.