Breaking
22 Feb 2025, Sat

හයවැනි දා (ඊයේ) මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීම සඳහා වූ මහනුවර පවත්වන ලද රැස්වීම අතිශයින් සාරථක ය. ශ්‍රි ල නි පක්‍ෂ පික් පොකට් නායකත්වයට ඉන් අත්වූයේ පරාජයකි. පක්‍ෂයේ මහජන නියෝජිතයන්ට රැස්වීමට සහභාගි තහනම් කිරීමට එහි මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලුම් අමුණුගම වේදිකාවේ ම පෙනී සිටියේ ය. ඒ අතර හිටපු ඇමති (නීත්‍යානුකූල ව නම් තවමත් ඇමති) සාලින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු අට දෙනෙක් පමණ රැස්වීමට සහභාගි වූහ.
වේදිකාවේ සිටි පළාත්සභා ඇමතිවරුන් හා මන්  වරුන්, නගරසභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීයසභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සියයක් පමණ විය. අනුර යාපාගේ තහනම  කඩදාසියකට පමණක් සීමා විය. 

රැස්වීමට සහභාගි වූ ජනතාවගෙන් අති විශාල බහුතරය ශ්‍රී ල නි පක්‍ෂයේ හිතවතුන් බව ඉතා පැහැදිලි ය. රැස්වීම සංවිධානය කර තිබුණේ වෙනත් පක්‍ෂ හතරක් මගින් වුවත් රැස්වීම ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හිතවතුන්ගේ රැස්වීමක් විය. ඒ බව රැස්වීමට සහභාගි වූ සියල්ලන්ට ම පෙනී ගියේ ය. සියල්ලන්ගේ අපේක්‍ෂාව වූයේ මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට පිවිසී අගමැති බවට පත්වීම ය. මහින්ද රාජපක්‍ෂ විසින් එවන ලද පණිවුඩයක් කියවනු ලැබුයේ මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසිනි. ඒ පණිවුඩයෙන් මහජන අපේක්‍ෂා ඉටුකිරීමට මහින්ද ඉදිරිපත්වන බවට බලාපොරොත්තුවක්  ඇති කර ගැනීමට බොහෝ දෙනකුට හැකි විය. 

එහෙත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය ගැට කැපූ (පික් පොකට් ගැසූ) පිරිස හැසිරෙන්නේ කෙසේ ද? අද ඔවුහු ඊනියා ජාතික ආණ්ඩුවක ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටිති. මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ මහරැජින හමුවීමට එංගලන්තයට යෑමට නියමිත ය. ඔහුට අනුව ඔහු එහි යන්නේ දෙවැනි එලිසබෙත්ගේ ආරාධනයකිනි. එය එසේ ම විය හැකි ය. එහෙත් මේ ගමනේ අරමුණ දෙවැනි එලිසබෙත් හා ඇගේ නියෝජිත රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති මෛත්‍රිපාල මුණගැසීමක් නොවන බව පැහැදිලි ය. මෛත්‍රිපාලට ඩේවිඩ් කැමරන්ගෙන් ලැබෙන්නේ කිනම් උපදේශයක් දැයි දැනගැනීමට  අපි කැමැත්තෙන් සිටිමු. ඊනියා ජාතික ආණ්ඩුව, කොළඹ වරාය නගරය, චීන සම්බන්ධකම් ආදිය ගැන කැමරන්ගේ නියෝජිතයන් මගින් කැමරන් මෛත්‍රීපාලට උපදෙස් දෙනු ඇත. 

කැමරන්ලාට මහින්ද නුරුස්සන පුද්ගලයෙක් විය. එහෙත් මෛත්‍රිපාලට ඔවුන්ගේ කැමැත්තක් ඇති බව පෙනෙයි.එසේ වන්නේ කුමක් නිසා ද? එමෙන් ම එංගලන්තයේ සිටින විසුරුණු දෙමළ ජනයා මහින්දට විරුද්ධව උද්ඝෝෂණ කළහ. ඔහුට රැස්වීම්වල කතාකිරීමට ඉඩ නොදුන්හ. එහෙත් මෛත්‍රිපාලට ඔවුන්ගෙන් විරුද්ධත්වයක් නැති බව පෙනෙයි. එසේ වන්නේ කුමක් නිසා ද? ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය  ගසා කෑවුන්ට එය ප්‍රශ්නයක් නොවිය හැකි ය. එහෙත් සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හා පක්‍ෂයේ හිතවතුන්ට එය විශාල ගැටලුවකි. 

ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ල නි පක්‍ෂයේ එක් උපසභාපතිවරයෙක් නුවර රැස්වීමට කලින් දින පක්‍ෂයේ මහජන නියෝජිතයන් හමු වී ඔවුන්ට නුවර රැස්වීමට නොයන ලෙස කියා ඇත. එහෙත් මහජන නියෝජිතවරුන් සියයක් පමණ රැස්වීමට සහභාගි වී වේදිකාවට ද ගොඩ වුයේ මේ උපසභාපතිවරුන් මෙන් නොව ඔවුන් තනතුරුවලට කෑදර නොවන බැවිනි. අද එක්සත් ජාතික පක්‍ෂයේත් හෙට ශ්‍රී ල නි පක්‍ෂයේත් නැවතත් අනිද්දා එ ජා පක්‍ෂයේත් සාමාජිකයන් විය හැකි උපසභාපතිවරුන්ට ඇමතිකම මිස ශ්‍රී ල නි ප හා එ ජා ප අතර වෙනස නො තේරෙයි. එහෙත් කිසි දිනෙක ශ්‍රී ල නි ප අත්හැර නොගිය මහින්දට මෙන් ම නුවර රැස්වීමට සහභාගි වූ ජන සන්නිපාතයට මෙන් ම මහින්දට ඡන්දය දුන් ලක්‍ෂ පනස්අට ද ඒ වෙනස තේරෙයි. අපි ඒ වෙනස කුමක් දැයි පසුව සාකච්ඡා කරමු. 

නලින් ද සිල්වා

2015 මාර්තු 07

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.