Breaking
21 Feb 2025, Fri

මේ වනවිට මෛත්‍රීගේ යහපාලනයේ දෑත් ශක්තිමත් කිරීමට තවත් තක්කඩි ඇමතිවරු පිරිසක් පැමිණ තිබේ. අප ඔවුන්ට තක්කඩි ඇමතිවරු කියන්නේ කටු ලෙවකෑමට බලය හැරෙන හැරෙන අතට පැනීම නිසාය. පහුගිය 8 වෙනිදාට පෙර ඔවුන් මරාගෙන මැරෙන සටනක නියැලුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේය. 

දින තුනකින් ඔවුන් නැවතත් විජාතික කුමන්ත්‍රණ යයි හඩ තැලූ මෛත්‍රී පිලේය. ඒ අතර ගාමිණී විජිත් විජයමුණි සොයිසා . පොල් ඇමති ජගත් පුෂ්ප කුමාර, රෙජිනෝල්ඩ් කුරේ, දයාසිරි ජයසේකර, පක්ෂය දමා යන් නැතැයි හොටු පෙරා ඇඩු ජනක බණ්ඩාර තෙන්නකොන්ද ඇතුළු තවත් පිරිසක් ඒ අතර සිටියහ. දයාසිරි මීට ටික කලකට පෙර UNP එකෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ ආණ්ඩුවට පැන රනිල් වික්‍රමසිංහ පතුරු ඇරියේය. ඊට පෙර හම්බන්තොට වරායේ අති විශාල කළු ගලක් ඇතැයි සොයා ගත් ඔහු ඒ ආණ්ඩුව පතුරු ඇරියේය. පසුව ආණ්ඩුවට ගොස් එම කළුගල විලි ලැජ්ජාවක් නැතිව ඔහු ගේ කටින්ම ඉවත් කළේය.

ඊළගට රෙජිනෝල්ඩ් කූරේට තිබෙන වංචා දුෂණ චෝදනාවක් ගැන පරීක්ෂණ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුමැතිය නොදුන් බව දත් දොස්තර රාජිත සේනාරත්න සටන දේශපාලන සංවාදයට පැමිණ ඊට අදාල ලිපියක් පෙන්වමින් කීවේය. මහින්ද රාජපක්ෂ කුරේට එරෙහිව ඇති දුෂණ චෝදනාවඉදිරියේ පරීක්ෂණ නොපවත්වන ලෙස කතිර ගසා රාජපක්ෂ මෙහෙමයි හොරු රැක්කේ යැයි ලිපිය මහජනතාවට පෙන්නුවේය. දැන් රාජිත මෛත්‍රීගේ යහපාලන යටතේ රෙජිනෝල්ඩ් කුරේට දඬුවම් කරන්නේ කෙසේද ? විජමුණි සොයිසා ද නිල්ගල වනය සංහාර කර එහි ඇති විශාල ගස් මොරටු එවූ හොරෙකි. බිබිල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට සහ පරිසර සංවිධාන වලට මොහුගෙන් ගස් ආරක්ෂා කර ගැනීමට ගස් මහණ කිරීම හෙවත් ගස්වලට සිවුරු පෙරවීමට සිදුවිය. දැන් යහපාලනය ගේන්නේ මෙවැනි හොරු සමගද ?

වැදගත්ම කරුණ හෙළ උරුමයද සිටින යහපාලනයට පොල් ඇමති ජගත් පුෂ්ප කුමාරද එකතු වීමය. මීට පෙර ඔහු හරක් හොරෙක් බව සාක්ෂි සහිතව පෙන්නවා දුන්නේ හෙළ උරුමයේ නායක පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්මය. උන්වහන්සේ නිදහස් කර මුදා හරින හරක් මේ ඇමතිවරයා හොරෙන් විකුණන බව ආණ්ඩුවේම සිටිමින් ආණ්ඩු පක්ෂයේම ඇමතිවරයකුට ප්‍රසිදියේ චෝදනා කළේය අසාධාරණයට එරෙහිවය. කටුනායක ගේට්ටු වසා දුෂිතයන්ට දඩුවම් කරන බව මෛත්‍රී පාල සිරිසේන මහතා තෙපර බෑවේ මෙබදු යහපාලනයක් ගැනද? හෙළ උරුමයද මෛත්‍රී පාලනයකට යන්නේ මෙවන් හරක් හොරුන් සමගද ?

-හෙළබිම –

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.