Breaking
24 Feb 2025, Mon

දිනු දේශය කොටියට පාවා දෙයි – කොටි හැඳුනුම්පත නිකුත් කිරිම ඇරඹේ

කොන්දක් නොමැති බෙදුම්වාදී හිකනලුන්  රටේ නායකයන් විමේ ප්‍රථ්පලයක් ලෙස අද කොටි ත්‍රස්තවාදීන් සිය ඊළාම් හැදුනුම්පත් නිකුත් කිරිමට තරම් තමන් ශක්තිමත් බව පෙන්වා තිබේ.

‘මෙය අපගේ සංකේතයයි! හෙට දින සඳහා මෙය අපගේ අනුමැතියයි’ යන සටන් පාඨය සමගින්, මුල්ලිවායික්කාල් අනුස්මරණ සතියේ ආරම්භක දිනය වන 12 වන දින සිට දෙමළ ඊළාම් ජාතික හැදුනුම්පත ලබාදීම ආරම්භ කර ඇති බව රටින් බැහැර දෙමළ ඊළාම් රජය නිවේදනය කර තිබේ.

 www.tgtetencard.com යන විද්‍යුත් ලිපිනය හරහා පහසුවෙන් සියළුදෙනාට එම හැදුනුම්පත ලබාගැනීමට හැකි බවද රටින් බැහැර දෙමළ ඊළාම් රජය ප්‍රකාශ කර ඇති අතර 18 වැනිදා සිට සතියක කාලයක් තුල උතුරේ ජනතාවට හැඳුනුම්පත ලබා දිම සදහා ජංගම සේවාවන් පවත්වන බවද රටින් බැහැර දෙමළ ඊළාම් රජය නිවේදනය කර තිබේ.

 “ඊළාම් දෙමළ ජනතාව ජාතික ජනවර්ගයක් බවත්, ඔවුන් ස්වාධීන දේශයකට අයත් පුද්ගලයින් බවත් සංකේතවත් කරන දෙමළ ඊළාම් ජාතික හැදුනුම්පත 2015.05.12 වන දින ආරම්භ වූ මුල්ලිවායික්කාල් අනුස්මරණ සතියේ සිට නිකුත් කිරීම ආරම්භ කර ඇති බව සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු. අහිමි වූ දේශය සහ ඥාතීන් අනුස්මරණය කරන මෙම දින වලදී දෙමළ ඊළාම් ජාතික හැදුනුම්පත අපවත්, අපගේ දේශයත් තහවුරු කරන වැදගත් හැදුනුම්පතකි.

යුද්ධය අවසන් වීමෙන් පසු, දෙමළ ඊළාම් මාතෘ භූමිය ආක්‍රමණය කර ඇති ශ්‍රී ලංකා රජය, ඊළාම් දෙමළ ජනතාවගේ දේශපාලන පැවැත්ම සහ ඔවුන්ගේ ජාතික සංකේතයන් විවිධ මාර්ග වලින් උපක්‍රමශීලීව විනාශ කරමින් සිටියි. දෙමළ ඊළාම් මාතෘ භූමියේ ප්‍රදේශ වල දෙමළ ජනතාව ජාතික ජනවර්ගයක් යන සංකේතය විනාශ කර, දෙමළ ජනතාව සුළු ජාතියක් ලෙස හදුන්වාදී, ‘සංහිදියාව’ සහ ‘සියළු දෙනා ශ්‍රී ලාංකිකයින්’ බවට හඬ නගන සිංහල බෞද්ධ බෙදුම්වාදීන් උපායශීලීව දෙමළ ජනතාව මධ්‍යයේ ගැටුම්කාරී තත්වයක් ඇතිකරමින් සිටියි.දෙමළ ඊළාම් ජාතික හැදුනුම්පත සරණාගතව ජීවත්වන දෙමළ ඊළාම් මාතෘ භූමියේ ජනතාවට පමණක් අයිති නොවන අතර, විදෙස් රටවල සිටින අපගේ නව පරම්පරාවටත් හිමිවන බවද දන්වා සිටින්නෙමු”  යනුවෙන්ද ඔහුන් නිකුත් කල නිවේදනයේ දක්වා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.