LNN SPY

ඔන්න සර්…… මංගලගෙ වෙබ්වලින් සර්ට ගහන්න පටන් අරන්- ශිරාල් මෛත්‍රීට කියයි

දිනපතා උදෑසන හයට රැස්වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන නීතීඥ ශිරාල් ලක්තිලක තම පෞද්ගලික කෝන්තර හා වෛරයන් පිරිමසා ගැනීමේ දීන ක්‍රියාවලියක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.  

පසුගිය හයවැනිදා උදේ සුපුරුදු පරිදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති මාධ්‍ය උපදේශක කමිටුවට ශිරාල් ලක්තිලක විසින් ‘ලංකා ඊ-නිවුස්’ පුවතක් බාගත කරගෙන ගෙනැවිත් තිබේ. එය ජනාධිපතිවරයාට දී ඇති ශිරාල් ‘ඔන්න සර්…… මංගලගෙ වෙබ්වලින් සර්ට ගහන්න පටන් අරන්. මේකට දැන්මම දැඩි පියවරක් නොගත්තොත් පස්සෙ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.’ යැයි පවසා ඇත. Read Pdf

මෙම උදෑසන රැස්වීම සඳහා ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධ සමීප හිතවතුන් වන කරු පරණවිතාන, මලිත් ජයතිලක, අතුරලියේ රතන හිමි, අශෝක අබේගුණවර්ධන සමග ශිරාල් ලක්තිලක සහභාගි වී තිබේ. ශිරාල් හැරෙන්නට අනෙක් සියලුදෙනා ඒකමතිකව පවසා ඇත්තේ කිසිම මාධ්‍යයක් පාලනය කිරීමට නොයායුතු බවයි. එසේ පාලනය කිරීමට හෝ තහනම් කිරීමට ගියහොත් රාජපක්ෂ ආණ්ඩුවට සිදුවූ ආනිසංශය ම යහපාලන ආණ්ඩුවටත් සිදුවන බවට අනතුරු අඟවා තිබේ. 

එජාප නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සමග බද්ධ වෛරයකින් කටයුතු කරන ශිරාල් ලක්තිලක ඉන් නොනැවතී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ස්වාධීන රූපවාහිනිය (ITN) ඔනෑවටත් වඩා එජාපයට කඩේ යන බවයි. ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ශිරාල්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. ‘පුලුවන් ඉක්මනට ITN සභාපතිව ජපානයේ තානාපති කරල යවල අපිට කන්ට්‍රෝල් මිනිහෙක්ව දාගන්න බලන්න.’ යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එමෙන්ම ලේක්හවුස් ආයතනය පිළිබඳවත් එහි සභාපති කාවන් රත්නායක හා අලුතින් පත්කරන ලද කතුවරුන් පිළිබඳව කේලාම් කියා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top