Breaking
24 Feb 2025, Mon

රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇත්තේ නීති විරෝධීව ය. ඔහු අගමැති ලෙස දිවුරුම් දුන් දිනයේ ම අපි ඒ බව පැවසුවෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකින් පසුව ආණ්ඩුව වෙනස් නො වේ. හිටපු ජනාධිපති පරාජය වීම නිසා හෝ තරග නොකිරීම නිසා හෝ වෙනත් අයකු ජනාධිපති වුවහොත් සිදුවන එක ම දෙය නව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සභාපති වීම ය. කැබිනට් මණ්ඩලයේ වෙනත් වෙනසක් නො සිදු වෙයි. අගමැති හා ඇමතිවරු වෙනස් නො වෙති. 

එහෙත් නව ජනාධිපතිට සිටින අගමැති අස්කිරීමේ බලය හිමි වෙයි. ඒ අනුව ඔහුට සිටින අගමැති ද ඒ සමග ඇමතිවරුන් ද අස්කර නව අගමැතිවරයකු හා නව කැබිනට් මණ්ඩලයක් පත්කළ හැකි ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු දි මු ජයරත්න අගමැති ධුරයෙන් අස් නො කෙළේ ය. එමෙන් ම දි මු ජයරත්න ද ඉල්ලා අස් නො වී ය. අද වන තුරු ද ඒ දෙකෙන් එකක්වත් සිදු වී නැත. එබැවින් අද ද අගමැති දි මු ජයරත්න ය.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීමට වූ කඩිමුඩිය හේතුවෙන් මෛත්‍රිපාලට දි මු ජයරත්න අස්කිරීමට අමතක විය. දි මු ජයරත්න අගමැති ව සිටිය දී ම මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් අගමැති ලෙස දිවුරුම් දෙනු ලැබිණි. එය නීති විරෝධී ය. රනිල් නීති විරෝධී පික් පොකට් අගමැතිවරයෙකි. ඔහුට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තිබුණේ ජනවාරි නවවැනි දා ම ය. එහෙත් ඒ මෙතෙක් පමා වී ඇත.

අද වන විට රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තවත් කරුණු එකතු වී ඇත. ඒ අතර සිංගප්පුර්ැ වැසියකු වූ ද සිංහලෙන් මුදල් නෝට්ටු අත්සන් නොකරන්නා වූ ද මහා බැංකු කොල්ලයක වගඋත්තර කරුවකු වූ ද අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත්කිරීම ද විය. රනිල් විසින් පත්කෙරුණු ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවකින් මහේන්ද්‍රන් නිදහස් කිරීමෙන් සිදු වී ඇත්තේ ප්‍රශ්නය යට ගැසීම පමණකි. එහෙත් රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාව තවත් විශ්වාසභංගයක් පමණක් වීමට ඇති ඉඩකඩ අධික ය.  

ඊනියා මහින්ද රෙජිමය අත් අඩංගුවට ගැනීම  පිළිබඳ ව ද රනිල්ට එරෙහිව චෝදනාවක් වෙයි. බටහිරයන්ගේ හා සිංහල විරෝධී සියල්ලන්ගේ අවශ්‍යතා හේතුවෙන් කෙරෙන මේ අත් අඩංගුවට ගැනීම් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ බටහිරට හා ඉන්දියාවට කන් නොදී  කොටින් පරාජය කිරීමට නායකත්වය දීම නිසා පළිගැනීමේ චේතනාවෙන් සිදු වෙයි. මෙහි අවසන් ඉලක්කය රාජපක්‍ෂවරුන් හා තවත් හතළිස් එක් දෙනකු ඊනියා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් දංගෙඩියට යැවීම ය. ඒ කොටින් පරාජය කිරීම නිසා ය. ඊනියා දූෂණ චෝදනා ඇස්වලට වැලි ගැසීම් පමණකි. 

අද සිදුවන ආකාරයට නම් නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න ආදීහු සුපිරි චරිත ඇත්තෝ වෙති. ඔවුන්ට විරුද්ධව කිසිදු දූෂණ චෝදනාවක් නැත්තේ ඔවුන් කිසිම වරදක් කර නොමැති බැවින් ද? නිමල් සිරිපාල ගෙනෙන විශ්වාසභංග යෝජනාවල අවසන් ප්‍රතිඵලය කුමක් වේ ද? ජෝන් අමරතුංගට එරෙහිව ගෙනා විශ්වාසභංගයට සිදුවූයේ කුමක් ද? 

රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෛත්‍රිපාල කිනම් ස්ථාවරයක් ගනී ද? ඔහු එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇත. ඒ සඳහා ඔහුට බලපෑම් ද වෙයි. එසේ නැතහොත් දහනවවැනි සංශෝධනයේ දී කළ ආකාරයට විශ්වාසභංගය පැරදවීමට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට බලපෑම් කරනු ඇත. නීති විරෝධීව අගමැතිකම කරන රනිල් විශ්වාසභංගයකින් පහකළ යුතු ය. ඒ සඳහා පළමුව මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි ප සභාපතිත්වයෙන් පහ කළ යුතු ය.

නලින් ද සිල්වා


2015 මැයි 12

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.