Breaking
23 Feb 2025, Sun

කොටි නිල ඇඳුම් යලී උතුරේ හොල්මන් කරයි-රටේ ආරක්ෂාව යලි අනතුරේ!

දෙමළ ඊළාම් විමුක්ති කොටි නිල ඇඳුම් ලග තබා ගැනිමේ සිද්ධින් කිහිපයක්ම උතුරේන් වාර්තා වේ.කොටි නිල ඇඳුමක් ලඟ තබාගැනිමේ චෝදනාව මත කයිතඩි පොලීසිය විසින් පුද්ගලයන් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් සතුව තිබී එල්ටීටීඊ නිල ඇඳුම් 02 ක්, හිස් වැසුම් 03 ක්, ජැකට් 02 ක් සොයාගෙන තිබේ.

ප්‍රශ්ණ කිරිමේදී එල්ටීටීඊ නිල ඇඳුමින් ඡායාරූප ගෙන විදෙස් රටවලට තරුණයින් යැවීමේ නියෝජිත රැකියාවෙහි මොවුන්ගෙන් එක් අයෙකු නිරතව සිට ඇති බවට අනාවරණය කර තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුදුකුඩියිරිප්පු වල්ලිපුනම්හි පදිංචි මනෝගරන් මයුරන්, කයිතඩි බටහිර පදිංචි වාරිත්තම්බි බරත්කුමාර් යන අයයි.මෙම දෙදෙනාගෙන් එක අයෙකු පුනරුත්ථාපනය වු කොටි සමාජිකයෙකු බවද අනාවරණය වි තිබේ.

යාපනය-පෙදුරුතුඩුව කිට්ටු පාර්ක් ආසන්නයේ කුඩා නිවසක ආයුධ සහිත සිටි පුද්ගලයන් 2 දෙනෙකු පසුගියදා කොළඹ සිට ගිය විශේෂ ආරක්ෂක කණ්ඩායම විසින් අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව අප පසුගියදා වාර්තා කළා.(එම වාර්තාව කියවන්න – Exclusive:ආයුධ සහිත තරුණයන් දෙදෙනෙකු යාපනයෙදි අත් අඩංගුවට -රහසේම කොළඹට -මඩකලපුවෙන් රතු එළියක්!)

මේ අතර කොටි සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෙකු බව පැවසෙන ආත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රූපන් ඉදිරි මහ මැතිවරණයට දෙමළ රාජ්‍ය පක්ෂයෙන් තරග කිරීමට අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත අයැදුම්පත්‍රය ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම අයැදුම්පත්‍රයෙහි ඔහුගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳවද සඳහන් කර තිබීම විශේෂත්වයක්.මඩකලපුව බන්ධනාගාරයේ ගත කළ කාලය මෙන්ම, කොටි නායක ප්‍රභාකරන් පළමු වතාවට හමුවූ ආකාරයද අයැදුම්පත්‍රයේ සඳහන් කර තිබෙනවා.ඉන්දු – ලංකා ගිවිසුම යටතේ කොටි සංවිධානය පිහිටවූ උතුර නැගෙනහිර කමිටුවේ සාමාජිකයෙකු ලෙසද රවීන්ද්‍ර කටයුතු කළා.රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ පැවැති සාකච්ඡාවලදීද ඔහු කොටි සංවිධානය නියෝජනය කරමින් ඊට සහභාගි වී ඇති බව සඳහන්.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.