Breaking
23 Feb 2025, Sun

යහපාලනය කොත්තු රොටියකි…. ඇත්තේ සද්දය පමණකි…..

එ ජා ප සුළුතර ආණ්ඩුව පවත්වාගෙන යෑම පිළිබඳ ව මෛත්‍රිපාල සිරිසේන කාර්යක්‍ෂම ව කටයුතු කරන නමුත් බටහිරයෝ ඔහුගේ ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් ව නො සිටිති. ආණ්ඩුවට විරුද්ධ ව ගෙනා විශ්වාසභංග යෝජනා අකර්මණ්‍ය කිරීම, දහනවය සම්මත කරගැනීම ආදියට මෛත්‍රිපාලගෙන් සේවයක් වී ඇති බව ඔහුගේ විරුද්ධවාදීනට වුවත් පිළිගැනීමට සිදුවෙයි. ඒ ක්‍රියාවලින් රටට අයහපතක් වී තිබීම වෙන ම කරුණකි. 

බටහිරයන් හා ඉන්දීයයන් මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත්කර ගැනීමේ දී ඔහුගෙන් බලාපොරොත්තු වූ ප්‍රධාන ම කරුණ වූයේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රින් සැපයීම ය. බටහිරයන් බලාපොරොත්තු වූ ආකාරයට හා චන්ද්‍රිකා කයිවරු ගැසූ ආකාරයට මන්ත්‍රීන් හතළිස් දෙනකුට වැඩි සංඛ්‍යාවක් සැපයීමට මෛත්‍රිපාල අපොහොසත් වුව ද ඔහු සැපයූ මන්ත්‍රීන් සංඛ්‍යාව ආණ්ඩුවට මහත් පිටුවහලක් විය. 

එසේ වුවත් බටහිරයෝ මෛත්‍රිපාලගෙන් තවත් දෙයක් බලාපොරොත්තු වූහ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති බටහිරයන්ගේ අවශ්‍යතා මත රනිල් විසින් තීරණය කෙරුණ ද,  ඊනියා සංහිඳියාව ඇතිකිරීමට ඔවුහු මෛත්‍රිපාලගේ සේවය අවශ්‍ය බව දුටුවෝ ය. එයට හේතුව සිංහල බෞද්ධයන් අතර රනිල්ට පිළිගැනීමක් නොමැතිවීම ය. මුහුණක් නැති මුහුණු පොතේ තරුණ තරුණියන් යම් ප්‍රමාණයක් රනිල්ට පක්‍ෂපාති වුව ද ඔහුගේ සිංහල බෞද්ධ විරුද්ධත්වය හැඳීනගැනීමට රතන හිමියන්ට හා චම්පක වැන්නන්ට හැරෙන්නට අනෙක් බොහෝ අයට අසීරු කරුණක් නො වී ය. එබැවින් ඊනියා සංහිඳියාවට මෛත්‍රිපාල අවශ්‍ය වූයේ සිංහල බෞද්ධයන්  ගොනාට ඇන්දවීම සඳහා ය. බටහිරයෝ හා ඉන්දීයයෝ ජාතික හෙළ උරුමයෙන් බලාපොරොත්තු වූයේ ද සිංහල බෞද්ධයන් ගොනාට ඇන්දවීම ය. 

එහෙත් එය මුළුමණින් ම අසාර්ථක වී ඇත. චම්පකලා දේශපාලනයේ නන්නත්තාර වී විස්ස ඔස්සේ ගොඩ එන මගක් සොයමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය තමන් ශක්තිමත් වන තුරු (ඒසේ විය හැකි යැයි උපකල්පනය කරමින්) මැතිවරණය කල්දැමීමට ය. මෛත්‍රිපාලට ද ඒ අවශ්‍ය ය. එහෙත් එ ජා පක්‍ෂය එයට ඉඩ නොදෙනු ඇත. ඊනියා සංහිඳියාව බටහිරයන් සිතන ආකාරයට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වත ඇත. ඔවුහු එයට වරදකරුවා මෛත්‍රිපාල යැයි සිතති. 

සැප්තැම්බරයේ දී ජෙනීවාහි දී ලංකාවට ඊනියා යුද්ධාපරාධ චෝදනා වාර්තාවකට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ වාරාතාව ලංකාවට විරුද්ධ ව ලියැවී ඇති බව පැහැදිලි නමුත් ඒ පිළිබඳ ප්‍රතිචාරය තීරණය කෙරෙනු ඇත්තේ එවකට ලංකාවේ පවතින ආණ්ඩුව අනුව ය. එහි දී බටහිරයන්ට එ ජා ප පික්පොකට් ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති ගැටළුව නම් ඊනියා සංහිඳියාව තමන් බලාපොරොත්තු වූ ආකාරයට සාර්ථක නො වීම ය. 

මෙහි දී කැලිෆෝර්නියාවේ ඕක්ලන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා ලියා ඇති වාර්තාවක් වැදගත් වෙයි. ඒ වාර්තාවෙහි ඊනියා සංහිඳියාව ඇතිකිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය මෛත්‍රිපාලට නැතැයි  සඳහන් වන්නේ යැයි කියැවෙයි. අතනින් මෙතනින් නිකුත්වන මෙවැනි වාර්තා මෛත්‍රිපාල සිරිසේනට යහපත් නො වේ. සෝභිත හිමියන්ට කෙසේ වෙතත් බටහිරයන්ට අනුව තැටිය රත්වී ඇතත් ලැබී ඇත්තේ කොත්තු රොටියකි. එහි තිබී ඇත්තේ සද්දය පමණකි. 

බටහිරයෝ යහළු මිත්‍රකම්වලට වඩා වැඩවලට සලකති. ඔවුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් බඩු ලබාදීමට නොහැකි අය තනතුරු දැරීමට සුදුස්සෝ නො වෙති. මෛත්‍රිපාලට බටහිරයන් අතර අනාගතයක් ඇති බවක් නො පෙනෙයි. 

නලින් ද සිල්වා


2015 මැයි 30


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.