Breaking
23 Feb 2025, Sun

මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතයට තර්ජනයක්- වහාම පරික්ෂණයක් අවශ්‍යයි

හිටපු ජනපතිගේ ජීවිතය අනතුරේ ඇති බව කියමින් අද සුජාත දේශයක් සදහා වූ ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා සහ නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේමනාත් සි දොලවත්ත මහතා කොළඹ කොටුව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. 

ඔවුන් සිදු කරන ලද විමර්ශනයන්හි දී හිටපු ජනපති තුමන් ඝාතනය කිරීමේ පැහැදිලි කුමන්ත්‍රණයක් ඇති බව පවසන ඔවුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය පමණක් නොව දිවිය අහිමි කිරීමට ද කුමන්ත්‍රණ සිදු වන බව පවසයි. තව ද එල්ටිටිඊ බිහිසුණු ත්‍රස්තවාදීන් නිදහස්කිරීමට උත්සාහ දැරීම, රටේ නම ගිය අපරාධකාරයින් එරෙහිව නීතිමය පියවර ගැනීම ප්‍රමාද කිරීම, මිනීමැරුම් පිළිබද ව සාවද්‍ය චෝදනා වරින්වර එල්ල කිරීම, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාමාන්‍ය හැසිරීම්, ඇමරිකාව වැනි දීර්ඝ කාලින ඊලාම් හිතවාදී රටවල විමර්ශන නිලධාරින් මෙරට ගෙන්වා ගැනීම හා රැදී සිටීම මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව හිතා මතා නොසලකා හැරීම යන යනු පිළිබද අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

ලලිත් ඇතුලත්මුදලි, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, විජය කුමාරතුංග වැනි දේශපාලන නායකයන් ඝාතනය කළාක් මෙන් ඊට සමාන වටපිටාවක මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය හානි කිරීමට රටේ හා රටින් බැහැරව සිටින විවිධ පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානය පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලේ මෙසේද සඳහන් වෙයි. 

මේ වන විට රටේ වර්ධනය වෙමින් පවතින දේශපාලන අස්ථාවරත්වය මැද ජනතා ප්‍රසාදය ඉහළින්ම දිනා සිටින හිටපු ජනාධිපතිගේ දේශපාලනික ඉදිරිපත් වීම හා මතුවීම පිළිබඳ වර්තමාන රජයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරුන් විසින් සිදුකරන වෛරීය ප්‍රකාශවල ඉතා සැලැසුම් සහගත කුමන්ත්‍රණයක් ගැබ්ව ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයට පරිබාහිරව ක්‍රියාකරන යම් යම් පාර්ශ්ව විසින් ද හිටපු ජනාධිපතිගේ ජීවිත පැවැත්ම පිළිබඳ වරින් වර සැකකටයුතු ප්‍රකාශ කර තිබේ.

එකී ප්‍රකාශවලට සමගාමීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ රැස්වීම් කිහිපයක ආරක්ෂක දුර්වලතා පිළිබඳ එක්සත් ජාතික පක්ෂ රජය මෙන්ම මාධ්‍යයද අසාමාන්‍ය ප්‍රචාරයක් ලබාදෙමින් තිබේ. මෑත භාගයේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිනීමරුවකු බවට සමාජයේ මතයක් තහවුරු කිරීමටද උත්සාහ දරමින් සිටී. මේ ඉදිරිපත් කිරීමෙන් තුලනය කිරීමට හෝ සාධාරණීයකරණය කිරීමට අපේක්ෂා කරන යම් අවාසනාවන්ත ඉලක්කයක් එහි ගැබ්ව ඇති බැව් අප පෙර සිද්ධි සහ සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

තවද එල්ටීටීඊ බිහිසුණු ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට උත්සාහ දැරීම රටේ නම ගිය අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ප්‍රමාද කිරීම, මිනීමරුම් පිළිබඳ සාවද්‍ය චෝදනා වරින්වර එල්ල කිරීම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාමාන්‍ය හැසිරීම්, ඇමෙරිකාව වැනි දීර්ඝ කාලීන ඊළාම් හිතවාදී රටවල විමර්ශන නිලධාරීන් මෙරටට ගෙන්වා ගැනීම හා රැඳී සිටීම මෙන්ම හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව හිතාමතාම නොසලකා හැරීම යන වැදගත් කරුණු කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරමු.

මේ කරුණු පදනම් කරගෙන ආරම්භ කරන කඩිනම් විමර්ශනයකදී ඉතා වැදගත් තොරතුරු ලිඛිතවද, වාචිකවද ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිමු. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.