Breaking
24 Feb 2025, Mon

රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසියට එරෙහිව නැගී සිටිමු-පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ප්‍රශ්ණ පත්තරයක්

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයනි” පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය ” නමින් එන රනිල්ගේ නව ගෙස්ටාපෝ පොලිසියට විරුද්ධව ජාතියේ නාමයෙන් එක්වන්න

1934 හිට්ලර් තමුන්ගේ ප්‍රතිවාදීන් දඩයම් කිරීම සඳහා තමුන්ට ගැති නාසි  කාරයෙකු වූ හර්මන් ගෝරින් යටතේ ” ගෙස්ටපෝ” නමින් නව පොලිස් ඒකකයක් පිහිටවීය. මෙම ඒකකය නියෝග ගත්තේ හිට්ලර්ගෙනි.  එවැනි පොලිසි ඒකකයක් හිට්ලර් පිහිටවූ බව එවකට රටේ නීත්‍යනුකූල නායකයා වූ චාන්සලර් ෆ්‍රන්ස් වොන් පාපන් වත් දැන සිටියෙ නැත .

සම්පූර්ණයෙන්ම දේශපාලනිකරණය වූ ගෙස්ටාපෝ පොලිසිය ඉතුරු 10 වසර තුල  මුලු ජර්මනියම බියෙන් ඇලලුවූ අපරාධ රැසක් කල අතර ඔවුන්ගේ වදහිංසාවලට ලක් නොවු එකද මානව හිතවාදියෙකුවත් ජර්මනියේ ඉතුරු නොවීය.

නාසි වද කඳවුරක අවසන් කාලය ගෙවු පූජකවරයෙකු වන මාර්ටින් නීමලර්ගේ සුප්‍රකට වදන් එදා ජර්මානුවන් දුර දිග නොදුටු ආකාර මැනවින් පැහදිලි කරය්

පලමුවෙනම ඔවුන් සමාජවාදීන් සොයා ආහ. මම කිසිත් නොකීවෙමි. මන්ද මම සමාජවාදියෙකු නොවූ බැවිනි.

ඉන්පසු ඔවුන් වෘතීය සමිති සාමාජියන් සොයා ආහ. මම කිසිත් නොකීවෙමි. මන්ද මම වෘතීය සමිති සාමාජිකයෙකු නොවූ බැවිනි.

ඉන්පසු ඔවුන් යුදෙව්වන් සොයා ආහ. මම කිසිත් නොකීවෙමි. මන්ද මම යුදෙව්වෙකු නොවූ බැවිනි.

අවසානයේ ඔවුන් මාව සොයා ආහ. ඒ වන විට මා ගැන කතා කරන්නට කිසිවෙකු ඉතිරිව සිටියෙ නැත.

ලංකාවේ අද සිදුවන්නේ මීට සමාන දෙයක් නොවේද ? රනිල් වික්‍රමසිංහ නීතිය අවනීතිය කිරීම අරඹා ඇති අතර රට දුර දිග නොපෙනන පොත පත කියවා නැති වැසියෝ පිරිසක් තවමත් අත්පුඩි ගසති.

2015 ජනවාරි මාසයේ1934 රනිල් වික්‍රමසිංහ  තමුන්ගේ ප්‍රතිවාදීන් දඩයම් කිරීම සඳහා තමුන්ට ගැති යූ ඇන් පී  පොලිස් කාරයෙකු වූ රවී වෛද්‍යලංකාර  යටතේ ” මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය.” නමින් නව පොලිස් ඒකකයක් පිහිටවීය. මෙම ඒකකය නෝග ගන්නේ රනිල් වික්‍රමසිංහගෙනි. එවැනි පොලිසි ඒකකයක් රනිල් පිහිටවූ බව එවකට රටේ නීත්‍යනුකූල නායකයා වූ ජනාධිපරි මෛරිපාල සිරිසේනවත් දැන සිටියෙ නැතැයි ජනාධිපතිවරයාම කියයි.

සම්පූර්ණයෙන්ම දේශපාලනිකරණය වූ මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය ඉතිහාසයෙ කිසිදිනකු නොවූ විරූ දේශපාලණ දඩයමක් අරඹා ඇත.

සිහි බුද්ධිය ඇති කවරෙකුට වුව  මෙහි සමානකම් පෙනෙනවා ඇත

අවසාන වරට යූ ඇන් පී රජයකට සම්පූර්න බලය ලැබුනු 1997 -1994 යුගය අවසන් වුයේ මේ රට ලේ විලක් කොටය. සිය දහස් ගනන් තරුණ තරුණියන් ටයර් සෑවල ගිය එම දරුණු යුගයේ බටලන්ද වදකාගාරය පවත්වාගන ගිය රනිල් වික්‍රමසිංහ අද රටේ අගමැතිය. ඔහු වලිකන්නේ කෙසේ හෝ  පූර්ණ රාජ්‍ය බලය ඔහු අතට ගන්න‍ය.

එදා ජර්මනියෙ  ජනතාව මෙන් ප්‍රමාද නොවෙමු. උවදුර වටහා ගනිමු.  දුර දැකිය හැකි ශ්‍රී ලාංකිකයනි රනිල්ගේ නීති විරෝදී ‘ මුල්‍ය අපරාධ විමර්ශණ අංශයට’  විරුද්ධව ඔබට හැකි පමනින් හඩ නගන්න. අපේ කුඩා හඩවල් එක්කොට ජනගෝසාවක් තනමු.

මේ  අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදි යමපාලන ආණ්ඩුවේ තවත් අනියම් ප්‍රේම කුරුල්ලේකු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාට ප්‍රශ්ණ පත්තරයක් උදය ගම්මන්පිල ඉදිරිපත් කලා……(රුවන්ගේ අනියමේ අනුභාවයෙන් ගේම් දෙන අංගනාව)

විශේෂ ලියුම්කරු

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.