Breaking
24 Feb 2025, Mon

යුධ විරුවන් බිල්ලට දෙන්න තප්පුලන යුධ විරෝධි සුනඛයන්ට කණ පැලෙන උත්තරයක්

2006 වසරේදී මිග් 27 ප්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනීම සඳහා වර්ජිනියා දූපතෙහි බෙලිම්සා හෝල්ඩින්ග් සමාගම නමින් විවෘත කළ රහසිගත බැංකු ගිණුමක් සොයාගෙන ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

2003 වසරේ එක්සත් ජාතික පක්ෂය මිග් යානා මිලදී ගත් ආකාරයටම පසුගිය ආණ්ඩුවද එම මිලදී ගැනීම් සිදුකළ බවයි.ඒ අනුව බෙලිම්සා හෝල්ඩින්ග් සමාගමට එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් මුදල් ගෙවීම රහසක් නොවන බවයි රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

2006 වසරේදී මිග් 27 ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සහ ගුවන් හමුදාව සතුව පැවැති මිග් යානා 4ක් අලූත්වැඩියා කිරීමට යුක්‍රේනයේ යුක්‍රින්මාෂ් නමැති සමාගම ඍජුවම සම්බන්ධ කරගෙන තිබෙනවා.ඒ අනුව එම වර්ෂයේ පෙබරවාරි මස 6 වැනිදා ඊට අදාල මිල ගණන් ආරක්‍ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

එම ගනුදෙනුව මුල්‍ය සමාගමක් හරහා සිදුකළ යුතු බවටයි එම දැන්වීමෙහි සඳහන් කර ඇත්තේ.ඒ අනුව යුක්‍රින්මාෂ් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන ඞී.ඒ. පෙරිගුඩොව් මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශයට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ එම සමාගම යුක්‍රේන රජයට අයත් බවයි.ඒ නිසා අදාල ගනුදෙනු සිදුකිරීමට ශ්‍රී ලංකා රජය බියවිය යුතු නැති බවත් ගනුදෙනුව සඳහා බෙලිම්සා හෝල්ඩින්ග් සමාගම පහසුකම් සපයන බවත් ඞී.ඒ. පෙරිගුඩොව් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. විදෙස් රටක, රජයට අයත් ආයතනයක් සමග ගුවන් යානා මිලට ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ විට ගැනුම්කරුවා මුදල් ගෙවිය යුත්තේ විකුණුම්කරුවා නිර්දේශ කරන ආකාරයටයි.

බෙලිම්සා හෝල්ඩින්ග් සමාගමට මුදල් ගෙවීම රහසක් නොවන්නේ ගිවිසුම ප්‍රකාරව කටයුතු ගනුදෙනු කළ නිසා බව රාජපක්ෂ මහතා සඳහන් කරනවා.ඒ අනුව ඇතැම් විරුද්ධවාදීන් මේ වනවිට උත්සහ දරමින් සිටින්නේ පසුගිය කාලය තුළ රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා තමන් ගෙනගිය වැඩපිළිවෙළ අසාර්ථක බව පෙන්වීමට යැයි රාජපක්ෂ මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරනවා. 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.