Breaking
23 Feb 2025, Sun

පහුගියදා මහජන අවධානයට ලක්වු මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා එක්සත් ජාතික පක්ෂ රජය හත්පොලේ ගා ගත් බව මුලු රටම දනී.. යහපාලන නම්බුව බෙරා ගන්නටනම් කල යුතුව තිබුන හොඳම දෙය අතටම අහු උන මහ බැංකු ලොක්කා අර්ජුන මහෙන්ද්‍ර පිට වරද පටවා රජය සායම බේරා ගැනීමය.

එහෙත් ඇස්පනාපිට පෙනෙන හොරකමක් වසාදමන්නට නිශ්ඵල උත්සාහයක යෙදෙමින් රනිල් හා රවී දෙදෙනා තවමත් මහ බැංකු අධිපති ආරක්ෂා කරන්නට කල හැකි සියලු දේ කරන්නේ මෙම සිද්ධිය පිටුපස පෞද්ගලික වංචාවකට වඩා මහා බයානක සහ හිරිකිත පක්ෂ දේශපාලනයක්ද ගෑවී තිබෙන නිසා නොවේද ?. මෙම අතුලාන්ත කතාව මහජනයාද දැන ගත යුතුය.  මේ පිලිබඳව දැනට හෙලිදරව්වී ඇති කරුණු කිහිපයක් පහත දැක්වේ.

පහුගිය ජනාධිපතිවරනයට විදේශ රටවලින් ලැබුන මුදල කලමනාකරණය කලේ එක්සත් ජාතික පක්ෂයය්. සිංගප්පුරුවේ සිට විටින් විට සිංගපූරුවට එන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරින් හා හිතමිතුරන් අත මෙම මුදල් ලංකාවට එවන ලදී.  ප්‍රචාරන කටයුතුවලට හා ආන්ඩු පක්ෂ ඇමතිවරු/මන්ත්‍රීවරු බිලී බා ගන්නට ලෝස් නැතුව වියදම් කලේ මේ මුදලුය්.  බොහෝ විට ලංකාවේ සිටි ව්‍යාපාරිකයෙකු පිටරටින් මුදල් එන පොරොන්දුව පිට මෙහි වියදම් දැරූ අතර ප්‍රචාරක කටයුතු කරන ලද්දෙද දෙන්නම් කාසි වලටය.

එහෙත් චන්දය අවසන් වී ගනන් හිලව් හදද්දී පෙනී ගියේ අය හා වැය අතර බිලියන ගනනක පරතරයක් තිබෙන බවය්. සුපුරුදු පරිදි අතරමැදියන්  සල්ලි යටිමඩි ගසා තිබුනි.

ජයග්‍රහනයෙන් පසු මෙම ගනන් හිලව් පියවීමේ ප්‍රධාන වගකීම පැවරුනේ මුදල් අංශය බාරව සිටි රනිල්,  රවි හා අර්ජුනටය්. ඔවුන් තීරණය කලේ මේ සා විශාල මුදලක් ඉක්මනින් පියවීමට හොඳම ක්‍රමය එය රජයේන් හොරකම් කිරීම බවය්. බොහෝ දෙනෙකුගේ විරුදධත්වය මැද විදේශිකයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙසත්,  මුලු රටම දන්නා පට්ට හොරෙක් වන රවි කරුණානායක මුදල් ඇමති ලෙසත් රනිල් පත්කරන්නේ මේ සුසංයෝගය රජයේ මුදල් කොල්ලකෑමටනම් අත්‍යවශය නිසාය. මීට වසර 10 කට පමන පෙර මිලියන 300 ක විදේශ විනිමය වංචාවකට රවී අසුවු වෙලාවේත් ඔහුගේ හොර සගයා වුයේ අර්ජුන මහෙන්ද්‍රය. ඔහු එම නඩුවට අසු නොවුයේ සිංගප්පුරු පුරවසියෙකු වීම නිසාය. ඉතින් මේ හොර ඩබලට ලංකාවේ ආර්ථිකය බාර දෙන්නට රනිල් තීරණය කලේ ඒ අනුවය.

අර්ජුන මහෙන්ද්‍රන්ගේ බෑනා වන තවත් කුප්‍රකට මුල්‍ය වංචා කරුවෙකු වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය හරහා පෙබරවාරි 27 වෙනිදා මහ බැංකු බැඳුමකර හරහා රුපියල් බිලියන් 13 ක පමන වංචාවක් මේ හොරු නඩය සැලසුම් කරන්නේ ඒ අනුවය.

කිසිවෙකුටත් අසුනොවෙතැය් ඔවුන් සිතූ හොරකම කල ආකාරය බුද්ධිමත්ව සිතන්නෙකුට වටහා ගැනීම ඉතා සරලය. එහි පියවර කිහිපයක් ඇත.

රුපියල් බිලියන 1 ක බැදුම්කර පෙබරවාරි 27 මිලදී ගන්නාබව මහ බැංකුවේ ලියා පදිංචි තැරව්කාර සමාගම් 13 ට දින දෙකකට පෙර දන්වනු ලැබේ. මහ බැංකුව ඔවුන්ට කියන්නේ සාමාන්‍යයෙන් 9% ක පමන් පොලියක් ගෙවන්නට මහ බැංකුව සූදානම් බවය්. ඉතින් මෙ සියලු දෙනා  ( අර්ජුන් අලෝසියස්ගේ සමාගම හැර ) ලන්සු තබන්නේ සුලු මුදලක් අඩු පොලියට මහ බැංකුවට ණයට දෙන්නටය.

එහෙත් මාමා එදාට බිලියන 10ක ලංසු බාරගන්නා බව බෑණා පමනක් දනිය්. ඒ නිසා ඔහු බිලියන 8 ක් පොලියට දීමට ලංසු තබය්. ඔහු ඉල්ලන පොලිය ඉතා ඉහල 12.5% ක පොලියකි.

මේ මුදල්ද ඔහුගේ මම අප්පාගේ බුදල් නොවේ. එයින් වැඩි හරිය ඔහු 8% පොලි‍යට එදා උදේ ලංකා බැංකුවෙන් ණයට ගත් මුදල්ය. වැඩි පොලියට මහ බැංකුවට ණයට දෙන්නට  අඩු පොලියට ලංකා බැංකුවෙන් අර්ජුන ඇලෝසියස්ට ණයක් දෙන්නේ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරීට ඉහලින් ආ නියෝගයක් අනුවය.

බිලියන් 1ක් වෙනුවට බිලියන 10 ක් දක්වා ණය ගැනීමට මහබැංකුව සූදානම් බව ප්‍රකාෂ වන්නේ වෙන්දේසිය අතරමැදය. අඩු පොලියට ඉදිරිපත්වූ ලංසු කිහිපය අවසන් වූ පසු මහ බැංකුවට ගන්නට ඉතුරුව ඇත්තෙ 12.5% ගිනි පොලියට දෙන අර්ජුන ඇලෝසියස්ගේ ණය පමනි. මේ ලාබය එක වසරකට නොවේ අවුරුදු 30 කටය. කොහොමද ටිකිරි මොලේ.

යහපාලන හොර නඩය එක දවසක් ඇතුලත බිලියන ගනනක්  සෙව්වේ මේ ආකාරයටය. එයින් කොටසක් පක්ෂයේ ණය බේරීමට යන අතර ඉතුරු ටික යන්නේ කාගේ කාගේ සාක්කු වලටදයි විශෙෂ්යෙන් පහදා දෙන්නට අවශ්‍යතාවක් නැත.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.