විශේෂාංග

බටහිර තනුවට නටන මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා

අපි 2015 අලුත් අවුරුද්ද සමරන්නේ ජාතියේ අනාගතය නැවතත් අවිනිශ්චිතව තිබෙන අඳුරු සමයකය. 67 දහසක් ශ්‍රි ලාංකිකයන් දිවි දුන් 30 අවුරුදු කුරිරු ත්‍රස්තවාදී යුද්දය අවසන් කොට රට සාමකාමීව ඉදිරියට ගියේ වසර 4ක් පමනි. බටහිර තනුවට නටන මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා රූකඩ ආන්ඩුව ඉතා අදූරදර්ශී ලෙස නැවතත් ජාතිවාදයට හිස ඔසවන්නට පාර කපමින් සිටී.

මහින්දා රාජපක්ෂ්ගේත් ඔහුගේ පවුලේ අයගේත් බොහෝ වැරදී  තිබුනි. අද මහින්ද පවා ඒ බව ප්‍රසිද්දියේ පිලිගනියි. හංසයාට ඡන්දය දුන් බොහෝ අය සිතුවේ තමන් රාජපක්ෂ් පවුලේ දූෂන වලට ඔවුන්ට දඩුවම් කලා කියාය. දේශපාලනය මතුපිටින් පෙනේනවාට වඩා බොහෝ සංකීර්න දෙයක් බවත් 2015 ජනවාරි 8 දා තමන් නැටුවේ බටහිර තනුවකට බවත් මේ අහිංසක ඡන්දදායකයෝ වැඩිදෙනෙකු අදත් නොදනිති.

ලංකාවේ බූගෝලීය පිහිටීම අනුව එය අන්තර් ජාතික දෙශපාලනයේ ඉතා වැදගත් කේන්ද්‍රීය ස්ථානයකි.  ඉන්දියන් සාගරයේ හරි මැද පිහිටා නැගෙනහිරත් බටහිරත් වෙන් කරන ලංකාව සුපිරි බලවතුන් අතර් ඇතිවියහැකි අනාගත අර්බූදයකදී යුදමය වශයෙන් ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් වනු ඇත. ඒ නිසා ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවරව තබා ගැනීම බටහිරට මෙන්ම ඉන්දියාවටද එකසේ වැදගත් වන්නේ ස්ථාවර රජයක් ලංකාවේ පවතුනොත් එය ස්වාධීනව කල්පනාකොට තමුන්ට කිසි දිනෙක අවංකව උදව් නොකල ඉන්දියාව හෝ බටහිර රටවල් වෙනුවට තමුන්ට උපකාර කිරීමට නොපැකිලෙන චීනයට හා රුසියාවට නැබුරු වීමේ ප්‍රවණතාවයක් ඇති නිසාය. අස්ථාවර රජයක් සැමවිටම ඉන්දියාව  හා බටහිර රටවල්    වල ප්‍රාණ ඇපකරුවෙකු බව ඔවුහු හොඳින් දනිති.

රාජපක්ෂ ලංකාවේ මින් පෙර සිටි කිසිදු නායකයෙක් ගැනීමට බිය වූ එඩිතර තීරණයක් ගත්තේය. ඔහු සම්ප්‍රදාය බිඳ ඉන්දියාව  හා බටහිර රටවල් වල ප්‍රාණ ඇපකරුවෙකු  නොවී ලොකයේ රුසියාව චීනය මැදපෙරදිග වැනි ලෝකයේ  නැගී එන බලවතුන් සමඟ වෙළඳ හා ආර්ථික සම්බන්දතා ආරම්බ කරන්නට විය. බටහිරින් දෙනවාට වඩා ඉතා අඩු පොලියට චීනයෙන් ණයගෙන අති විශාල සංවර්ධන වැඩපිලිවෙලවල් ඇරබීය.යටිතල පහසුකම්වල සිදුවූ විශාල පුනරෝදයේ සැබෑ ආර්ථික ප්‍රතිපල තව වසර කිහිපයකින් රටට එනවිට දකුන මෙන්ම උතුරද, බටහිර මෙන්ම නැගෙනහිරද දියුනුවී මේ රටේ ජාතිවාදී ප්‍රශ්නය පිටුපස තිබෙන සැබෑ ගැටලුව වන දරිද්‍රතාවය මේ රටින් ක්‍රම ක්‍රමයෙන් දුරුවන බවට ලකුනු පහල වන්නට විය.

මෙය ලංකාවේ අස්ථාවරත්වය සැමවිටම අපේක්ෂා කරන බටහිර බලවතුන්ට හා ඉන්දියාවට හිතකර තත්වයක් නොවීය. රාජපක්ෂව වහාම බලයෙන් පහ නොකොරොත් වැඩි කලක් යන්නට පෙර ලංකාව ආර්ථික වශයෙන් හිස ඔසවන බවත් එයින් පසු තවදුරටත් තම නව යටත්විජිතවාදී න්‍යාය පත්‍රය ලංකාව තුල ක්‍රියාත්මක් කිරීමට නොහැකි වන බවත් අපේ සම්ප්‍රදයික ස්වාමියෝ  තේරුම් ගත්තහ. ඒ නිසා එන්ගලන්තයේ ජීවත්වූ චන්ද්‍රිකාට කොත්‍රාත්තුවක් දී ලංකාවට එවා  උපන්දා සිට බටහිර ගැත්තෙක් වන රනිල් බලයට ගෙන එමට අන්තර්ජාතික කුමන්ත්‍රනයක් දියත් උනේ ඒ නිසාය.

අන්තර්ජාතික කුමන්ත්‍රනය සිදුවූයේ  පියවර ගනනාවකින් ඉතාමත් සැලසුම්ගත ආකාරයටය. ජනාධිපතිවරනයකදී සුලු ජාතික චන්ද ඉතා වැදගත් බව හොඳින් වටහාගත් මොවුන් වසර දෙකක් පමන කෙටි කාලයක් තුල මහින්දව සුලු ජාතීන්ට එපා කරවීමේ කොන්ත්‍රාත්තුව දුන්නේ බොදුබල සේනාවටය, එයට  සමගාමීව  රාවන බලය හා තවත් අන්තවාදී ආගමික බලවේග කිහිපයක්ම ඉස්මතු වුයේ හතු පිපෙන්නාක් මෙනි. අනිවාර්‍යයෙන්ම පිටරට මුදලින් යැපුනු මෙම සංවිධාන ඉවක් බවක් නැතුව මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමිකයන්ට තර්ජනය කරන්නටත් ඔවුන්ගේ ආගමික ස්ථාන වලට පහර දෙන්නටත් පටන් ගත්තහ. සිය වසර  50 කට කිට්ටු දේශපාලන ජීවිතයේ හැමදාමත් පලස්තීනය ඇතුලු මුස්ලිම් රටවල් වෙනුවෙන් නොපැකිලව හඬ නැගූ මහින්දා රාජපක්ෂ් සතුරෙකු ලෙස දකින තත්වය ඔවුන් මුස්ලිම් ජනතාව තුල ඇතිකලෝය.  තම ජීවිත ආරක්ෂාව පතා මහින්දව ප්‍රතික්ෂේප් කරන තරම් බියක් දිගින් දිගටම පල්ලි වලට පහර දෙමින්, පෙලපාලි යමින්  ක්‍රිස්තියානි ආගමිකයන්තුල ඇතිකරන ලදී.

මෛත්‍රිපාල අනාගාත ජනාධිපතිවරනයක පොදු අපේක්ෂකයා බව දැන සිටියේ චන්ද්‍රිකා හා ඇය පිටුපසින් සිටි බටහිර බලවේග පමනි. පසුගිය වසර දෙක තුල එවකට සෞඛ්‍ය ඇමතිව සිටි  මෛත්‍රිපාලව ලෝකයේ හොඳම් සෞඛ්‍ය ඇමතිලෙස අරුමපුදුම සම්මානයක් පුදකෙරුන අතර ඔහුව තවත් වරක ඇමෙරිකාවේ හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට ගෙනවා තවත් හේතුරහිත සම්මානයක් පිරි නමන ලදී.ලංකාවේ ජනතාවට පෙනෙන්නටනම් මෙලෝ වැඩක් නොකල මෛත්‍රිපාලට මෙවැනි අන්තර්ජාතික සම්මාන ලැබෙන්නේ මන්දැය් අසන්නට තරම් මොලයක් රජයේ බුද්ධි අංශ වලටද නොතිබිනි. එසේ නැත්නම් බුද්ධි අංශද ඒ වන විට කුමන්ත්‍රනයට යම් දුරකට යටත් වී තිබුනා විය හැකිය.

තුන්වෙනි ඉතාමත් සැක කටයුතු වැඩ කොටස කෙරුනේ බැසිල් රාජපක්ෂ හරහාය. 2014 වසර මුලදී ජාතික සංවිධායක බවට පත්වූ බැසිල් මහින්දට 2010 තිබූ දේශපාලන යන්ත්‍රනය 2014 දෙසැම්බර් වන විට සහමුලින්ම අකර්මන්‍ය කල බවක් පෙනේන්නට තිබුනි. ඔහු චන්ද ව්‍යාපාරයට කිසිවෙකු හවුල වන්නට ඉඩ නොදී සම්පූර්න සැලැස්ම තම අතට ගත්තේය. වෙනදා ස්වෙච්චාවෙන් ජන්දා ව්‍යාපාරයට එකතුවන බොහෝ පක්ෂ හිතවතුන්ට ඉල්ලුවත් වගකීමක් බාර නොදෙන ලදී. මහින්දගේ මාද්‍ය ප්‍රචාරක කටයුතු වල කිසිදු පැහැදිලි බවක් නොතිබුනි.  ඇමති වරු මන්ත්‍රිවරු පවා කවුරු මොනවා කරනවාදැය් නොදැන තක්කු මුක්කු වී සිටිනු දක්නට ලැබුනි. සියල්ලටම වඩා සැකකටයුතු දෙය නම් බැසිල්ට ඉතා කිට්ටුවෙන් සිටි රිෂාඩ් බද්දුදීන් ඇමතිවරයා හදිසියේම මෛත්‍රී පිලට එකතුවූ ආකාරයය්. චන්දය පැරදී පහුවදාම තම පාක්ෂිකයන් අතරමන්කොට බැසිල් රාජපක්ෂ රටින් පිටවගිය ආකාරය කිසිවෙකුට අනුමත කල නොහැක.

පොදු අපෙක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයට කිසිදු ආකාරයක මුදල් අගහිඟයක් නොතිබුනි. 2010 ෆොන්සෙකාට උදව් කරන්නට ඇමෙරිකානු තනාපති කාර්‍යාලය ජේ වී පී එකේ අනුර දිසානායකට මුදල් දුන්හැට් ඊයේ පෙරේදා විජේදාස රජපක්ෂම හෙලිදරව් කල නිසා විපක්ෂයට සල්ලි වලනම් කිසිදු ප්‍රශ්නයක් මෙවර නොතිබුනේ ඇය් කියා සිතා ගන්නට එතරම් අමාරුවක් නැත.

සිංහල බෞද්ධයා චන්ද දෙපිලට කැඩෙද්දී දෙමල හා මුස්ලිම් චන්ද සියල්ලම පාහේ වැටුනේ හංසයාටය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිටරට දැනට වාසය කරන සුලු ජාතිකයන් බොහෝමයක් පැමිනීමෙන්ම ඔවුන් මෙම චන්දයට මොනතරම් පෙලගැසුනාද යන්න පැහදිලිය.

තවත් අත්භූත දෙයක්නම් දෙමල පමනක් කතාකරන උතුරු නැගනහිර සමහර ආසනවල චන්ද ප්‍රතිශතයය්. මාධ්‍ය වාර්තා කල ආකාරය හවස 4 වනවිටත්  මේවායෙන් බොහෝමයක චන්දය ප්‍රකාශකර තිබුනේ 55%-65% අතර ප්‍රමානයකි. එහෙත්  ප්‍රතිපල නිකුත්වන විට මේ සියලු චන්ද මද්‍යස්ථාන වල ප්‍රකාෂිත චන්ද 75% ඉක්මවා තිබුනු අතර එයින් 80% ට වඩා චන්ද වැටී තිබුනේ හංසයාටය.  මේ චන්ද පොලවල යම් හොර චන්ද වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වුවාදැය් සාධාරණ සැකයක් මෙයින් මතුවෙය්. එහෙම් වෙන්නේ කොහොමද මේ බූත් වල ආන්ඩු පක්ෂ නියොජිතයොත් හිටියානේද කියා යමෙකුට ඇසිය හැක. එහෙත් දෙමල පමනක් කතා කරන ප්‍රදේශවල සිදුවූ පැහැදිලිවම ඉන්දීය බුද්ධි අංශ වලට වැදගත් මැතිවරණයක මොනවා වෙන්නට බැරිද ?

ඉන්දියානු බුද්ධි අංශ නිලධාරීන් ලංකාව තුල දේශපාලන කුමන්ත්‍රනයක නිරතවී ඉන්න බව පසුගිය රජය දැනගත්තේ හොඳටම ප්‍රමාදවීය.  ආරක්ෂක අමාත්‍යන්ශ නියොගයකින් ඉන්දියානු තනාපති කාර්යාලයට සම්බන්දව සිටි ඉන්දීය බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකු දෙසැම්බර් මැද රටින් පිටකරන වෛත ඔවුන්ගේ වගකීම ඔවුන් ඉටුකොට හමාරය.

මේ සියල්ල මා ලීවේ පසුගිය ඡන්දය පිටුපස තිබෙන්නේ  හංසයාට හොඳ හිතින් ඡන්දය දුන් අති බහුතරය තෙරුම් ගත්තාට වඩා බරපතල කුමන්ත්‍රනයක් බවත් එහි ප්‍රතිපල දීර්ඝ කාලීන බවත් පහදා දෙන්නය. අපේම මිනිසුන්ගේ නොදන්නාකම නිසා රට විශාල අනතුරක්ට වැටී ඇත. අප බොහෝ දෙනෙකු මෙය ඉක්මන්නින් වටහා නොගත්තොත් මෙයින් ගොඩ ඒම නම් එතරම් පහසු නොවනු ඇත.

“සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා” කියා පරංගීන් කිවා‍යැය් ජනවහරේ කියවෙයි. අපේම මිනිසුන්ගේ නොදන්නාකම නිසා අද  රට විශාල අනතුරක්ට වැටී ඇත. උතුරේ දිගින් දිගටම හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඉන්දියාවේ හා බටහිර බලපෑම් මත බව තෙරුම් ගන්නට ලොකු මොලයක් අවශ්‍ය නැත. අමාරුවෙන් ඉවර කර ගත් ප්‍රශ්නයවසර 5-10 අතර යලි හිස ඔසවන විට ලංකාව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රනයේ ප්‍රතිපල පෙනෙනු ඇත. 19 ව්‍යවස්ථා සංශෝදනය  හරහා ජනාධිපත් බලතල අඩුකර ගත්තාට පසු උතුර නැගෙනහිර පලාත් සභා එක් කිරීම කිසිවෙකුට වලක්වන්නට නොහැකිවනු ඇත.  අප බොහෝ දෙනෙකු මෙය ඉක්මන්නින් වටහා නොගත්තොත් මෙයින් ගොඩ ඒම නම් එතරම් පහසු නොවනු ඇත.

~~විශේෂ ලියුම්කරු ~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top