ස්වයං පාලනය සහ යුධ අපරාධකරුවන් ලෙස රාජපක්ෂලා වරදකරුවන් කල හැක්කේ මේ පාලන ක්‍රමය හරහා පමණක් බව ඇමරිකානූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිස හමුවු අවස්ථාවේ පවසා ඇති බව අප කැනේඩියානු විශේෂ වාර්තාකරු පවසයි.
අද ජෝන් කෙරී හමුවිමෙන් පසුව සිදුවු සාකච්ඡාව සම්බන්ධයෙන් සම්බන්ධන් දුරකතනය හරහා ජාත්‍යන්තර දෙමළ ඩයස්පොරාවට මේ බව දැනුම් දි තිබේ.
මෙරට වත්මන් දේශපාලන තත්ත්වය, උතුරේ නැවත පදිංචිකිරීම් කටයුතු හා පුනරුත්ථාපන කටයුතු ගැනද මිට අමතරව සාකච්ඡා කර තිබේ.දෙමළ ජාතික සන්ධාන නියොජිතයන් හමුවීමෙන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ද හමුවි තිබේ.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com