Breaking
5 Feb 2025, Wed

මගේ ගමන නවත්තන්න තාත්තාට තියා මිනිහාටවත් බෑ

පවුල්වාදයෙන් ද, වංචාව දූෂණය හා අකාර්යක්ෂමතාවයෙන් ද තොර පාලනයක් රටේ ඇති කරණ බවට දුන් පොරොන්දුව ඉටුකරමින් ඉදිරි මාස දෙක තුනකින් එළැඹෙන මහ මැතිවරණයේ දී තම දරුවන් හෝ සහෝදරයන් තරඟ නොකරන බව යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ ග්‍රාම නිලධරයන් හමුවේ කල ප්‍රකාශයෙන් සිරිසේන දියණිය වන චතුරිකා කොපයට පත්ව සිටින බව වාර්තා වේ.

අද උදැසන  චතුරිකා සිරිසේන මහත්මියගේ නායකත්වයෙන් පවත්වාගෙන යන සුබසාධන සමිති කිහිපයක කණ්ඩායම් හමුවු අවස්ථාවේ ඔහුන් විමසා ඇත්තේ… චතුරිකා සිරිසේන මහත්මියගේ දේශපාලන ගමන් මග වෙනුවෙන් තමන් කල කැපකිරිම් වලට දේශපාලන ගමනක් නොයන්නේ නම් කුමක් සිදුවේද යන්නයි.

එයට පිළිතුරු දෙමින්  චතුරිකා සිරිසේන මහත්මිය  සදහන් කර ඇත්තේ තමන් ගන්නා තින්දු තිරණ සම්බන්ධයෙන් කිසිවෙකුටත් මැදිහත් විමට නොහැකි බවත්….අඩුම තරමේ තමන්ගේ ස්වාමිපුරුෂයාට වත් තමන්ගේ ගමන නතර කල නොහැකි බවයි…..

අපේ තාත්තා හැමදාම කියනවා විතරයි…අනික කියින හැමදේම කරන්න ඔනෑ…කියලා කොහෙවත් කියලා නෑ නේ …..යනුවෙන් ඇය පිළිතුරු දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.