Breaking
23 Feb 2025, Sun

මෙරට ඊනියා කම්කරු පංතිය හෙට රනිල් වික්‍රමසිංහගේ ද නායකත්වයෙන් මැයි දින රැළියක් පවත්වනු ඇත. ඒ අතර මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂය ද වෙන ම මැයි රැළියක් පැවැත්වීමට නියමිත ය. එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ වෘත්තීය සමිතිවල මැයි රැළියක් ද එයට අමතර ව  පැවැත්වෙයි. ජ වි පෙරමුණ සුපුරුදු පරිදි තම ස්මාජිකයන් කොළඹට ගෙනෙනු ඇත. තවත් කුඩා පක්‍ෂ හා සංවිධාන රැසක් මැයි රැළි පෙළපාලි ආදිය පැවත්වීමට නියමිත ය. 

එහෙත් බොහෝ දෙනා උනන්දුවක් දක්වන්නේ මහින්ද රාජපක්‍ෂ මැයි රැළියකට සහභාගි වේ ද, එසේ නම් ඒ කුමන රැළියට ද ආදී ප්‍රශ්න සම්බන්ධව ය. මේ එවැනි ප්‍රශ්න ඇසීමට නුසුදුසු කාලයක් නො වේ. මහින්ද අදටත් මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහය විසින් පිළිගැනෙන නායකයා ය. සිංහල ජාතිකත්වය මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ය. තනි දේශපාලන ප්‍රවාහයක් ලෙස එයට අභියෝග කිරීමට වෙනත් කිසිම දේශපාලන ප්‍රවාහයකට නො හැකි ය. 

පසුගිය ජනාධිපතිවරණයේ දී මේ ප්‍රවාහයට ඡන්ද පනස්අට ලක්‍ෂයක් ලැබිණි. මෛත්‍රිපාල සිරිසේනට ලැබුණු ඡන්ද හැටදෙලක්‍ෂය විවිධ  දේශපාලන ප්‍රවාහයන්හි ඡන්දවල එකතුවකි. පොදුවේ ගත්කල ඒ බොහෝ දේශපාලන ප්‍රවාහවල සිංහල විරෝධී ලක්‍ෂණයක් තිබිණි. එහෙත් ඒ එක් දේශපාලන ප්‍රවාහයක් නො වී ය. ඒ අතර මෛත්‍රිපාල ලැබූ ඡන්ද හැටදෙලක්‍ෂයෙහි සිංහල ජාතිකත්ව දේශපාලනයෙහි ඡන්ද ද විය. 

වෙනත් වචනවලින් කිවහොත් සිංහල විරෝධී දේශපාලන ප්‍රවාහවල ඡන්ද සියල්ල මෛත්‍රිපාල සිරිසේනට ලැබුණු අතර සිංහල ජාතිකත්ව දේශපාලන ප්‍රවාහයෙහි ඇතැම් ඡන්ද මහින්ද රාජපක්‍ෂට නො ලැබිණි. එයට ප්‍රධාන හේතුව වූයේ මහින්දගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූුවන් සිංහල ජාතිකත්වයට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම ය.  මැතිවරණ ව්‍යාපාරයක් නිසි ලෙස මෙහෙය වුවහොත් සිංහල ජාතිකත්ව ප්‍රවාහයට තනියම ජයග්‍රහණය කළ හැකි ය. සිංහල විරෝධීන් ඒ එසේ නො වේ යැයි කීමට තැත් කළ ද ඔවුන්ගේ ව්‍යාපෘතිය අසාර්ථක වූවකි.

ජනාධිපතිවරයෙන් පසුව සිංහල ජාතිකත්ව ප්‍රවාහයේ  සියළු දෙනාම පාහේ මහින්ද වටා එක් රොක් වී ඇත. එහෙත් මහින්ද තවමත් ඒ ප්‍රවාහයට ඉදිරි කාලයේදීත් නායකත්වය දෙන බවට තීරණයක් ගෙන නැත. මෙය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නො වේ.   සිංහල ජාතිකත්ව ප්‍රවාහය අනාථ නොකර මහින්ද රාජපක්‍ෂ වහාම තීරණයක් ගත යුතු ය. 

නලින් ද සිල්වා


2015 අප්‍රේල් 30

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.