Breaking
23 Feb 2025, Sun

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඇතිවූ උණුසුම්කාරී තත්වයෙන්උරණ වි සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ “මේ මගුල් පාර්ලිමේන්තුව අදම විසුරුවන්න හිතෙනවා” යනුවෙන් පවසා තිබේ.ඊයේ සවස ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරුන් සමඟ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ “දිනේෂ්,විමල් එක්ක මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යැමට නොහැකි බවයි.

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඊට දැඩි විරෝධය පල කර ඇති දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ ඇතුළු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව විසින් ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් මෙසේ තීන්දු ගැනීම පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් බව පෙන්වා දුන් අතර අගවිනිසුරු මතබේදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස මෙම විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස දැඩි ලෙස ඉල්ලීම් කල නිසා අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු කල් දැමීමට කතානායකවරයාට සිදුවිය.

එහිදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්දමා ඇත්තේ නැවත කැඳවන දිනය සම්බන්ධයෙන් ස්ථිර අදහසකින් තොරවයි. ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුයේ නම් පැවති තත්වය අනුව විපක්‍ෂ යෝජනාව ජය ගැනීමේ වැඩි ඉඩකඩක්ද මතුව තිබුනා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.