Breaking
23 Feb 2025, Sun

මහින්ද රාජපක්ෂගේ ජිවිතය අනතුරේ දමන පොනිල්ගේ පච කතා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශය හිටපු ජනපතිගේ ජිවිතය අවදානමකට ලක්කිරීමේ උපක්‍රමයක් ලෙස කල ප්‍රකාශයක් බව අනාවරණය වි තිබේ.අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් නිකුත් කල නිවේදනයේ දක්වා ඇත්තේ අගමැතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොලිස් නිලධාරීන් 105 දෙනෙකුගෙන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 104 දෙනෙකුගෙන් යුතුව මහා පරිමාණ ආරක්ෂක බල ඇණියක් ලබාදී ඇති බවයි.

යුද හමුදා යතුරු පැදි 03 ක්, 
කැබ් රථයක්, 
ලෑන්ඩ් කෘෘෂර් ජීප්රථ 03 ක්, 
ඩබල් කැබ්රථ 03 ක්, 
විශාල බස්රථ 02 ක්, 
බෙන්ස් කාර් 02ක්, 
බී.එම්.ඩබ්ලිව්. අධි ආරක්ෂිත ජීප්රථයක් ද 
ලබාදී ඇති බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේදී සඳහන් කෙළේය.

මෙම බී.එම්.ඩබ්ලිව්. අධි ආරක්ෂිත ජීප්රථය  සඳහා ලීටර් 750ක ඉන්ධන ද, බස්රථ 02 සඳහා ලීටර් 1200 ක ඉන්ධන ද ලබාදෙන බවයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති පොලිස් බල ඇණිය සහකාර පොලිස් අධිකාරිවරුන් 03 දෙනෙකුගෙන්ද, පොලිස් පරීක්ෂකවරුන් 07 දෙනෙක්ද, උප පොලිස් පරීක්ෂකවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය. 

හමුදා බල ඇණිය නිලධාරීන් 14 දෙනෙකුගෙන් මෙන්ම නාවික, ගුවන් සහ යුද හමුදා භට පිරිස්වලින් සමන්විත බවත් අගමැතිවරයා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇති මෙම සුවිශේෂි ආරක්ෂක බල ඇණිය ගිලන්රථ, බෝම්බ නිෂ්ක්‍රීය යන්ත්‍ර, පුපුරණ ද්‍රව්‍ය යන්ත්‍ර, බිම් බෝම්බ සොයන යන්ත්‍ර ඇතුළු සියලු ආකාරයේ අති නවීන යුද උපකරණ වලින් සමන්විත බවයි. 

නමුත් සත්‍ය මෙයයි…..

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.