Breaking
5 Feb 2025, Wed

අවස්ථා ගණනාවක අප අනාවරණය කල පරිදිම අධිකරණයට යහපාලන ආණ්ඩුව කරන බලපෑම් එන්න එන්නම වැඩිකරමින් සිටින බව අනාවරණය වෙමින් තිබේ.

නීති විරෝධී ලෙස තමා අත්අඩංගුවට ගැනීම වළක්‌වන නියෝගයක්‌ පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ අද (13 ) සලකා බැලීමට නියමිතව තිබියදි පෙත්සම විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයෙන් බුවනෙක අළුවිහාරේ මහතා සහ ඊවා වනසුන්දර ඉවත් විමටද යහපාලන රජයේ දේශපාලන බලපෑම් හේතුවු බව වාර්තා වේ.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එරෙහිව ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කියා සිටින්නේ තමා අත්අඩංගුවට ගැනීමට තරම් වරදක්‌ සිදු කර නැති බවයි.

එසේ වුවද, කුමක්‌ හෝ චෝදනාවක්‌ ඉදිරිපත් කර පුද්ගලයන් රහස්‌ පොලිසියට කැඳවා ප්‍රකාශයක්‌ සටහන් කර ගැනීමෙන් පසුව මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට පමුණුවා පරීක්‍ෂණ අවසන් වනතෙක්‌ බව කියමින් රිමාන්ඩ් භාරයට පත්කරන බවත් එවැනි තත්ත්වයකට තමා ද මුහුණපෑමේ අවදානමක්‌ ඇති බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටී.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ ඇමැති අනුකමිටුවක්‌ විසින් නම් කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගැන පරීක්‍ෂණ පැවැත්වීමට පිහිටුවනු ලැබූ මූල්‍ය අපරාධ හා දූෂණ විමර්ශන ඒකකය නීති විරෝධී හා බලරහිත කරන ලෙස ද රාජපක්‍ෂ මහතා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

තමා 2005 දී ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ ජනාධිපතිවරණයට තරග කළ තම සොහොයුරු මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දීමට බවත් ඔහු ජයගත් පසුව පත් වූ රජයේ ආරක්‍ෂක ලේකම් වශයෙන් පත් වූ බවත් වසර 30 ක පමණ කාලයක්‌ තිස්‌සේ රටේ ජන ජීවිතයට සහ ආර්ථිකයට විශාල හානියක්‌ සිදු කළ එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කර ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක්‌ උදාකර දීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව තමාට හැකි වූ බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිය පෙත්සමේ සඳහන් කර ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.