Breaking
25 Feb 2025, Tue

මහා බැංකුව ගිල්ල රවි හොරා ජනතාවට “පච හඬ” බෙදයි- මහින්ද එන බයට මුල්පිටු ගැලවෙයි

මහා බැදුම්කර වංචාව හරහා නන්නත්තාරව සිටින මුදල් අමාත්‍ය රවී කරුනාණායක සහ වැලේ වැල් නැති මංගල සමරවීර සහ එජාප නායකත්වය ජනතාව ඉදිරියේ සුද්ධ කිරිමට මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් මහා බැංකු බැදුම්කරය හරහා මාටියා ගැසු කෝටි ගණන් මුදල් යොදවා  ‘සත් හඬ’ නැමති පච පත්තර කඩමල්ලක් ජූලි 05 වැනිදා සිට වෙළඳපොළට නිකුත් කිරීම සුදානමින් සිටියද මහින්ද රාජපක්ෂ මහා මැතිවරණයට ඉදිරිපත් විමට තින්දු කිරිමත් සමග එජාපය ලබන නියත පරාජය හමුවේ රවී මුදල් දිමට පස්ස ගසමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මුද්‍රණය සදහා යවා තිබු මංගල කලාපයේ මුල්පිරුව සහ තවත් පිටු කිහිපයක්ම ඉවත්කර ඇති අතර එම පිටු සියල්ලම මෛත්‍රී-රනිල් සහ දින 100යේ පච සංවර්ධණයට සම්බන්ධ ලිපි බවද අප වාර්තාකරු අනාවරණය කළා.ජනතාවගේ හොරා කෑ මුදල් වලින් මුද්‍රණය වන මෙම “පච හඬ” සල්ලි වලට විකුණා ගත නොහැකි නිසා කොළඹ දිස්ත්‍රික්කය තුල නොමිලේ මෙම පුවත් පත බෙදාහැරීමටද කටයුතු යොදා තිබේ.

වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් ලෙස තමන් විසින්ම ටිරාල් අලස්ගේ මවුබිම පුවත්පත හරහා නම ප්‍රසිද්ධ කරගත් මංගල සමරවිරගේ මාෆියා කරුවු  රුවන් ෆර්ඩිනැන්ඩස්  අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය කාලසිමාවේ රාජපක්ෂලාට මඩ ගසා අන්තිමට ඉල්ලන් කා යන එනමං නැති කසිකබල් පත්තර කාරයන් යැයි කියාගත් කිහිප දෙනෙකු සහ අනුන්ගේ පුවත් කොපිකර දැමිමේ සහජ හැකියාවන් සහිත වෙබ් ගොබිලන් කිහිපදෙනකුද මෙම ‘පච හඬ’ නියෝජනය කරයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.