Breaking
24 Feb 2025, Mon

හිටපු විනිසුරු විග්නේස්වරන්ට වෙන නීතියක් ද?

හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්වයකාරයකු වූ ද වත්මන් උතුරු පළාත් මහා ඇමති වූ ද සී විග්නේස්වරන් මුලතිවූ ප්‍රදේශයේ දී සුමන්තිරන් ද සමගින් දෙමළ ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ හමුදා මෙහෙයුම්වල දී මියගිය අය සිහි කිරීම සඳහා රැස්වීමක් පවත්වා ඇත. එසේ කර ඇත්තේ අධිකරණය මුලතිවු ප්‍රදේශයේ කොටි සංවිධානය සිහි කරන රැස්වීම් පැවැත්වීම් තහනම් කරමින් තහනම් නියෝගයක් පනවා තිබිය දී ය.

සුමන්තිරන් කියා තිබුණේ  තමන් තහනම් නියෝගය නොකැඩූ බව ය. එහෙත් අපට එය පිළිගත හැකි ද?  විග්නේස්වරන් හා සුමන්තිරන් නීතිඥයෝ වෙති. ඔවුන් දෙදෙනා ම කොළඹ හැදී වැඩුණු අය වෙති. ඔවුන් හා දෙමළ ජාතික නිදහස් සංධානයේ සාමාජිකයන් නොවන්නට මුලතිවූ ප්‍රදේශයේ එම රැස්වීම පැවැත්වෙනු ඇත් ද? 

මේ පවත්වා ඇත්තේ දේශපාලන රැස්වීමකි. මෙය පොදු රැස්වීමකි. එක් එක් අයට හෝ පවුලට හෝ තම ඥාතින් සැමරීමේ අවශ්‍යතාවක් තිබිණි නම් ඔවුන් කළ යුතුව තිබුණේ නිවෙස්වල හෝ කෝවිල්වල හෝ පල්ලිවල හෝ වෙන වෙන ම රැස්වීම් පැවැත්වීම ය. එසේ වෙන වෙන ම රැස්වීම් පැවැත් වී නම් උසාවියේ තහනම් නියෝගයට අභියෝගයක් නොවනු ඇත. 

මෙය විග්නේස්වරන් ඇතුළු දෙමළ ජාතික සංධානයේ පිරිසක් විසින් සංවිධානය කරන ලද්දකි. එහි දී සිහි කෙරුණේ හමුදා මෙහෙයුම් නිසා මියගිය පොදු පිරිසකි. ඒ පොදු පිරිසෙහි කොටි සංවිධානයට අයත් නොවන්නන් ද සිටින්නට ඇත. එහෙත් එහි කොටි සංවිධානයට අයත් අය ද සිහිපත් කෙරුණු බව රහසක් විය නො හැකි ය. 

කොටි සංවිධානය සිහි කරන රැස්වීමක් යනු කුමක් ද? කොටි සංවිධානයේ සාමාජිකයන් කිහිප දෙනකු වුවත් පොදුවේ සිහිකරන රැස්වීමක් කොටි සංවිධානය සිහි කරන රැස්වීමකි. සංවිධානය සිහි නොකර එහි සාමාජිකයන් පොදුවේ සිහිකළ නො හැකි ය. පොදු දේශපාලන රැස්වීමකට පොදු දේශපාලන අරමුණක් වෙයි. දෙමළ ජාතිවාදයේ අරමුණ සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය මකා දැමීම ය. එහි දී ඔවුහු බටහිර රටවල් හා ඉන්දියාව විසින් මෙහෙයවනු ලැබෙති. ඔවුන්ට අවශ්‍ය අවසානයේ දී රටේ නීතිය වලංගු නොවන වෙන ම රාජ්‍යයකි.

මුලතිවු රැස්වීම උසාවි නියෝගය නොතකා පවත්වා ඇත්තේ ම රටේ නීතියට අභියෝග කිරීමට ය. රටේ නීතිය උතුරු හා නැගෙනහිර පළාත්වල වලංගු නොවන බව තහවුරු කිරීමට ය. මෙය බරපතළ තත්ත්වයකි. විග්නේස්වරන් හා සුමන්තිරන්ට තමන් නීතිය කඩන බව කීමට තරම් ශක්තියක් නැත. ඒ කොළඹ හැදුණු දෙමළ නායකයන්ගේ ලක්‍ෂණයකි. ඔවුහු නීතියේ කණෙන් රිංගා යැමට සිතති. තමන් තහනම් නියෝගය නොකැඩූ බවත් තමන් හුදෙක් මියගිය අය සිහි කිරීමේ රැස්වීමක් පැවැත්වූ බවත් මේ නිවටයෝ කියති.   

එහෙත් ඔවුන් එයින් ලබාදෙන පූර්වාදර්ශය භයානක ය. ප්‍රභාකරන්ලා බිහිවන්නේ මෙවැනි නීති කැඩීම් මගිනි. අද වහාම විග්නේස්වරන්ට සුමන්තිරන්ට විරුද්ධව කටයුතු කළ යුතු ය. ඔවුන් අත් අඩංගුවට ගත යුතු ය. කොළඹට එක් නීතියකුත් මුලතිවු ප්‍රදේශයට තවත් නීතියකුත් තිබිය නො හැකි ය. එසේ තිබේ යැයි සිතන්නට ඉඩ තැබීම ම දෙමළ බෙදුම්වාදයට හිස නැමීමකි. එහෙත් දෙමළ ජාතිවාදයට බටහිරට හා ඉන්දියාවට බියෙන් හමුදා ජයග්‍රහණ සිහි නොකරණ මෙවැනි නිවට ආණ්ඩුවක් විග්නේස්වරන්ලාට විරුද්ධව කිසිවක් කරාවි ද? වහාම මේ දෙමළ ජාතිවාදයට, බටහිරට හා ඉන්දියාවට හිස නමන සුළුතර නිවට ආණ්ඩුව පළවා හැරිය යුතු ය. 

නලින් ද සිල්වා


2015 මැයි 18

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.