Breaking
24 Feb 2025, Mon

දින සියයකට වැඩි ගණනක් ආණ්ඩුව කර තිබෙන එකම දෙය විරුද්ධ පාක්‍ෂිකයන් අත් අඩංගුවට ගැනීම ය. එසේ අත් අඩංගුවට ගත් අය අතර ද අති මහත් බහුතරය සිංහල බෞද්ධ වේ. සිංහල බෞද්ධයකු තබා ලාංකිකයකුවත් නොවන මහා බැංකු අධිපති නිවැරදි කරුවකු බව අපි දැන් දනිමු. 

ඒ ත්‍රිපුද්ගල නීතිඥ මණ්ඩලයකට පින් සිදුවන්නට ය. රාජිත සේනාරත්න වැන්නන් ජීවිතයේ කිසි දිනෙක කුරා කූඹියකුටවත් වරදක් කර නැත. එතුමාගේ භාර්යාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැදගත් තනතුරක් නො ලැබුණේ ද ඔවුන්ට වැරදි කිරීමට ඉඩ නොතැබීමට විය යුතු ය. 

දළදා මාළිගාවේ දියවඩන නිළමේ දෑළ බණ්ඩාර ද අර මොකක්දෝ කොට්ඨාශයට ගෙන යන ලදී. ඒ කුමකට දැයි අපි නො දනිමු. ඔහු වරද කරුවකු ද නැද්ද යන්න ද අපි නො දනිමු. එහෙත් දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුර සිංහල බෞද්ධයන් සම්බන්ධයෙන් ගත්කල වැදගත් ම තනතුර වෙයි. පෙර කල සිංහලයේ රජතුමා දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂකයා විය. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම අනුව එංගලන්තයේ රජු දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂකයා බවට පත්විය. එහෙත් එංගලන්ත පාර්ලිමේන්තුව එයට විරුද්ධ විය. ඊනියා මිසදිටු ආගමක අභිවෘද්ධිය  සඳහා ඉංගිරිසි රජු මැදිහත්වීම ඉංගිරිසින්ට නුරුස්සන්නක් විය. 

මෙරට ඉංගිරිසි ආණ්ඩුකාරයා අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටියේ දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂක ධුරයෙන් මිදීමට ය. එක්දහස් අටසිය හතළිස් ගණන්වල දී ඔහුට ඒ අවස්ථාව උදාවිය. ආණ්ඩුකාරයා එංගලන්තයේ රජු වෙනුවෙන් තවදුරටත් දන්ත ධාතූන් වහන්සේ රැක බලා නොගෙන එය දිය වඩන නිළමේ ට පැවරුවේ ය. ඒ සමග මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ට ද ඒ වගකීම පැවරිණි. 

අද දළදා මාළිගාවේ අක්‍රමිකතා සිදු වී ඇත්නම් ඒ ගැන පළමුව පැමිණිළි කළ යුත්තේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ට ය. 1815 ගිවිසුම ඉංගිරිසින් ක්‍රියාත්මක නොකළ නමුත් එහි වලංගු භාවයට හානියක් සිදු වී නැත. ගිවිසුමට අනුව මෙරට ආණ්ඩු කළ යුත්තේ සිංහල නීතියට එකඟව ය. එමෙන් ම බුද්ධාගම හා දේවාගම (එනම් දෙවියන් සහිත සිංහල බුද්ධාගම – – එය පඬියන්ගේ ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක බුද්ධාගම නො වේ) රැකගෙන පෝෂණය කිරීම  පාලකයන්ගේ වගකීම වෙයි. අවලංගු වී නැති 1815 ගිවිසුම අනුව කටයුතු කිරීමට පාලකයෝ සිංහල බෞද්ධයනට බැඳී සිටිති. ඊනියා බහු සංස්කෘතික බහු බූතවලින් 1815 ගිවිසුමට බලපෑම් කළ නො හැකි ය. 

දියවඩන නිළමේ ගැන පැමිණිල්ලක් ඇත්නම් එය මහානායක හිමිවරුන්ට ප්‍රථමයෙන් ඉදිරිපත් කළ යුතු ය. ඇංග්ලිකන් භක්තික එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා වූ ද ලක්‍ෂමන් වික්‍රමසිංහ ඇංග්ලිකන් බික්‍ෂොප්වරයාගේ ඥාති පුත්‍රයා වූ ද  රනිල් වික්‍රමසිංහ ඒ බව නොදන්නාවා විය හැකි ය. ඔහු දන්නේ ඔහුට තේරෙන පරිදි අධිකරණ ප්‍රශ්න ඇති වූ විට පොදු රාජ්‍ය මණ්ඩල අධිකරණ සභාවලට යෑමට ය. පොදු රාජ්‍ය මණ්ඩල අධිකරණ ආදිය පමණක් නොව පොදුවේ බටහිර නීතිය, විද්‍යාව හා දැනුම ඇංග්ලිකන් සංස්කෘතිය මත පදනම් වී ඇත. 

මෛත්‍රිපාල සිරිසේන ද වඩා හොඳින් දන්නේ මාර්ටින් වික්‍රමසිංහ මිස පියදාස සිරිසේන නොවන බව පැහැදිලි ය. පියදාස සිරිසේන මහතාගේ කෘති පාසල්වල ඉගැන්වීම අනිවාර්ය කළ යුතු ය. සිරිසේනලා වික්‍රමසිංහලා නොවිය යුතු ය. මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා අභිනව අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ බැහැ දැකීමට ගිය  අවස්ථාවේ උන්වහන්සේ දියවඩන නිළමේ සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කර ඇති ක්‍රියා මාර්ගය ගැන විරෝධය පළ කර ඇත. ඒ පිලිබඳ සිංහල බෞද්ධයන්ගේ ප්‍රණාමය උන්වහන්සේට හිමිවි යුතු ය.  මෙරට කරවිය යුත්තේ සිංහල බෞද්ධ ක්‍රමයට මිස ඇංග්ලිකන් ක්‍රිස්තියානි ක්‍රමයට නො වේ. අද ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සිංහල බෞද්ධයනට එරෙහිව ය.


නලින් ද සිල්වා


2015 මැයි 15

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.