Breaking
23 Feb 2025, Sun

ශ්‍රී ලංකා මහ බැංකුව සිංගප්පූරුවට උකස් කරයි!-නව අධිපති රටේ පුරවැසීයෙකු නොවේ

Published on: Jan 30, 2015 – Exclusive-රාජපක්ෂලාට වඩා දේශප්‍රේමීහු තමන් සතුව සිටින බවට  පුරසාරම් දෙසු යහපාලකයෝ දින 100ය යන්නට මත්තේන් කෙලවගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ නිර්දේශය මත පත්කල් අතර අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවේ පුරවැසි භාවය නැති බව දැන් හෙලිවි තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන්  සිංගප්පූරුව පුරවැසී භාවය පමණක් ඇත්තෙකු බව දැන් අණාවරණයි වී තිබේ.ලංකාවේ කිසිදු අධ්‍යාපණයක් හදරා නැති අර්ජුන් මහේන්ද්‍රන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශපාලන ආර්ථික සහ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබේ.අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ මහතා අවසන් වරට අගමැතිව සිටි 2002 – 2004 යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කල කුප්‍රකට ව්‍යාපාරිකයෙකුද වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සමග තිබුණු සමිප සම්බන්ධය මත මේම පත්කිරිම කර ඇති අතර ඒ හේතුවෙන් මෛත්‍රී පාලකයෝ සහ එජාප කණ්ඩායම අතර සිතල යුද්ධයක්ද ආරම්භ වී තිබේ.

ඩුබායි පදනම් කර ගත් එමිරේට්ස් එන්. ඩී. බී. මුල්‍ය කළමනාකරණ ආයතනයේ ප්‍රධාන ආයෝජන නිලධාරියා ලෙස ඔහු මේ වන තෙක් සේවය කරමින් සිටියේය.වසර 30ක් පුරා ජාතික සහ ජාත්‍යන්තර තලයේ පෞද්ගලික සහ පොදු මූල්‍ය සමාගම් සහ සංවිධානයන්හි වගකීම් රැසක් දරමින් අර්ජුන් මහේන්ද්‍රන් මේ සුදානම් වන්නේ රටේ මුලය බලය සියතට ගෙන මාෆියාව ශක්තිමත් කිරිමටය.

”රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයටත් මේ රට එකට තියෙන්න ඕන නැහැ. ගෝඨාභය,බැසිල්, ඩලස්, චන්දිම රාසපුත‍්‍ර මේ රටේ ජීවත් වෙන්න බලාගෙන ඉන්න අය නෙවෙයි. එනිසා තමයි ඔවුන්ට ඇමරිකාවේ ගෙවල් තියෙන්නේ. ඇමරිකන් පුරවැසියෝ,ඒ අයගේ මව්බිම ඇමරිකාවයි……. එහේම කියපු අනුර කුමාර දිසානායකලාගේ කට අද සිංගප්පුරුවේදි ගත්ත ආතල් නිසා ඒ නිසා වැසි ගිහින් තිබේ.

නිදහස් ශ්‍රි ලංකාවේ කිසිම දිනක ලංකාවේ මුදල් නෝට්ටු මත දේශිය පොලවේ අයිතිය නැති අයෙකු අත්සන් තබා නැති අතර යහපාලනය ගැන කටකයිවාරු ගැසු   මෛත්‍රී පාලකයෝ එම අයිතියටද් කෙලවා අවසන්ය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.