Breaking
23 Feb 2025, Sun

රාජිත,පාඨ්ලී,රතන සන්ධානයෙන් මැතිවරණයට-චතුරට නාමයෝජනා නෑ

රාජිත සේනාරත්න සහ පාඨ්ලී චම්පික රණවක සහ අතුරුලියේ රතන හිමියන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහා මැතිවරණයට තරග කිරිමට කැමැත්ත පලකර තිබේන බව වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් රාජිත මැතිවරණයට ඉදිරිපත් වන බවට පසුගිය දින කිහිපයේ තැන තැන පවසමින් ගියද මහින්ද සන්ධානය මෙහෙයවිමට ගැනිමත් සමග රටේ සැම අස්සක් මුල්ලක් නෑරම යලිත් ජනතාව පිබිදීමකට ලක්ව ඇති නිසා තමන් සන්ධානයෙන්ම තරග වැදිමට තිරණය කර තිබේන බව රාජිත පවසා තිබේ.
කෙසේ නමුත් රාජිතගේ පුත් චතුර සේනාරත්නට නාමයෝජනා ලබා නොදිසිටිමට සන්ධානය තින්දුකර තිබේ.ඒ සම්බන්ධයෙන් චතුර කල විමසිමක්දි චතුරට පවසා ඇත්තේ පලමුව පලාත් සභාවකට හෝ තරග කර තමන්ගේ හැකියාවන් පෙන්වා සිටින ලෙසයි.මිට අමතරව බස්නාහිර පළාත් සභාව නියෝජනය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය කරන සන්ධාන මන්ත්‍රිවරුන්ට මහා මැතිවරණය සදහා නාමයෝජනා ලබාදිමද අර්බුදයක්ව පවතින බව වාර්තා වේ. ඒ අනුව හිරුනීකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග ඇතුලු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික් සහ ගම්පහ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රිවරුන්ට නාමයෝජනා නොලැබිමේ අවදානමක් තිබේ.
මේ අතර  පාඨ්ලී චම්පික රණවක සහ අතුරුලියේ රතන හිමියන්ට පමණක් ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් සන්ධානය හරහා තරග කිරිමට අවස්ථාව ලබාදිමට එකඟත්වය පල වි තිබේ.මිට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දේශප්‍රේමි මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුටද කොළඹ,නුවර,මාතර,හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  තරග කිරිමට සන්ධානය අවස්ථාව හිමිකර දිමට සුදානමින් සිටි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.