Anonymous Reporter

චන්ද්‍රිකා-මෛත්‍රී ගේ පක්කලි වැඩ කරන්න ගිහින් පියසේන ගමගේ නා ගනී

නිවට යහපාලනයට එකම අභියෝගය බවට පත්ව ඇති මහින්ද රාජපක්ෂ මහතගේ විහාරස්ථාන ආශ්‍රිතව සිදුකෙරෙන පුණ්‍යකර්මය කටයුතු නතර කිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා-මෛත්‍රී කටු කන සුනඛ පෝතයන් උත්සහ කරමින් සිටින බව රටේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වේ.

පසුගියද ගාල්ල හිනිඳුම පිටිගලට සහ පනංගල ගංගාරාම විහාරස්ථානයේ ආගමික කටයුතු වලට මහින්ද එන බව දැන ගත් චන්ද්‍රිකා-මෛත්‍රී ආණ්ඩුවේ ඇමතිකමක් සිගා කෑ නිවට පියසේන ගමගේ පන්සලේ වතුර සැපයුම නතර කර ඇති අතර උඩුගම ඩිපෝවේ CTB බස් සියල්ල නතර කරන ලෙසට ඩිපෝවේ අධිකාරිවරයාට නියෝගකර පසුව අද වැඩේට මහින්ද එන්නේ නෑ කියලා කටකතාවක්ද පතුරවා තිබේ.

මීට අමතරව තමන්ගේ කුජිත කූලී හෙවායන් සහ හිනිදුම පොලිසියේ කොස්තාපල්වරුන් යොදා ගනිමින් පන්සල වටේ කලු කොඩි දමා සමෘද්ධි නිළධාරින් සදහා පන්සලේ රැස්විමක් පැවැත්විමටද කටයුතු යොදවා තිබේ.නමුත් මහින්ද එන බව දැනගත් වහාම දස දහස් ගණනක් ජනතාවක් විහාරස්ථානයට පැමිණි අතර ජනතා විශ්වාසය තහවුරු කරමින් මහින්ද රාජපක්ෂ පැමිණිමත් සමග පියසෙන ගමගේට හොද හූ…හඩක් දි සංග්‍රහ කිරිමටද ජනතාව අමතක කර නෑ.

Top