Breaking
23 Feb 2025, Sun

බඩගොස්තරවාදි මෛත්‍රී වහා මහා මැතිවරණය කැඳවනු

මෛත්‍රිපාල රනිල් යමපාලනය පළාත් පාලන ආයතන විසුරුවා හැර කොමසාරිස්වරුන් යටතට පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එය මුළුමනින් ම ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකෑමකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතාවට ලැබෙන එකම  අයිතිය අවුරුදු කිහිපයකට වරක් තම නියෝජිතයන් විවිධ ආයතනවලට තෝරා පත්කර යැවීම ය. යමපාලනය ඒ අයිතිය ද කොල්ල කා ඇත. එසේ කොල්ල කෑමට ප්‍රධාන හේතුව වූයේ පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම සතු වීම ය. 

ඊනියා දින සියය අවසන් වී සති කිහිපයක් ගෙවී ගොස් ඇත. දින එකසිය පහකින් පමණ අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ නමුත් එය ද නො කෙරුණේ ය. මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් නැති බව පැහැදිලි ය. 

මෛත්‍රිපාල බලය අත්හැරීමට සූදානම් පුද්ගලයකු යැයි තමා හඳුන්වා ගනියි.එයින් නොනැවතී අනෙක් අය ලවා ද  මාදුළුවාවේ සෝභිත හිමි වැනි භික්‍ෂූන් වහන්සේ ලවා ද තමා බලය අත්හැරීමට සූදානම් පුද්ගලයකු ලෙස හඳුන්වා ගනු ලබයි. එහෙත් ඔහු තරම් බලයට කෑදර පුද්ගලයකු මෙරට දේශපාලනයේ මෑත ඉතිහාසයෙහි නොසිටිය බව පැහැදිලි ය. අගමැතිකම නුදුන් බැවින් පක්‍ෂයට ම ද්‍රෝහි වී පක්‍ෂය අත්හැර විරුද්ධවාදියාගේ පිළට ගොස් තරග කිරීමට තරම් තනතුරුවලට කෑදරකමක් තිබූ අයකු බලය අත්හැරීමට සූදානම් ය යන්නෙහි තේරුම ඔහු ජනතාවට දිය යුතු බලය පවා නොදෙන බව ය. මෙයින් කියැවෙන්නේ රනිල් වික්‍රමසිංහ යහපත් පුද්ගලයකු බව නො වේ.

අද දේශපාලනයේ යෙදෙන ප්‍රධාන පක්‍ෂ හා කණ්ඩායම් අතරෙන් අඩුම බලයක් ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායමට ය. ඔවුන් අද කිසිම මැතිවරණයකට සූදානම් නැත්තේ එබැවිනි.  ඔවුන්ට හැකියාව ඇත්තේ මැතිවරණ කල් දැමීමට පමණ ය. ඔවුන් සිතා සිටින්නේ තව අවුරුද්දක් පමණ යනවිට ඔවුන්ගේ දේශපාලන අයිතිය තහවුරු වන බව ය. එහෙත් ඒ කිසිදාක සත්‍යයක් බවට පත්වන්නේ නැත. 

අද ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බලවත් ම බාධකය මෛත්‍රිපාල සිරිසේන ය. ඔහුට පක්‍ෂයේ සභාපති විමට සූදුසුකම් නැත. එහෙත් ඔහු පක්‍ෂ සභාපතිකම පික්පොකට් ගසා ඇත. ඔහු පක්‍ෂ සභාපතිත්වයෙන් ඉවත්කර රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙන් පහකිරීම ශ්‍රී ල නි පක්‍ෂයේ වගකීම වෙයි. අද මහින්ද කණ්ඩායම සටන් වැදිය යුත්තේ මහා මැතිවරණයක් ඉල්ලා සිටිමිනි. ඒ අතර පක්‍ෂ අභ්‍යන්තරයේ පක්‍ෂයේ සභාපතිකම එය නීතියට පටහැණි ව උසුලන මෛත්‍රිපාලගෙන් උදුරා ගැනීමට ද ඔවුන් සටන් කළ යුතු ය.

එය කළ යුත්තේ කෙසේ දැයි වඩාත්ම හොඳින් දන්නේ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ම ය. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් විය යුත්තේ රටේත් ජාතියේත් සුභ සිද්ධිය වෙනුවෙනි. මෛත්‍රිපාල අද වන විට ශ්‍රී ල නි පක්‍ෂයට බාධාවක් වී ඇත. ඔහු පක්‍ෂයේ සභාපති ලෙස සිටින විට අගමැතිට හෝ ඇමතිවරුන්ට හෝ විරුද්ධ ව ගෙනෙන විශ්වාසභංග යෝජනා ජයගැනීමට නොහැකි වනු ඇත. එයට ප්‍රධාන හේතුව ඔහු ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට බලපෑම් දැමීම ය. 

මෛත්‍රිපාල ස්වෙච්ඡාවෙන් මහා මැතිවරණයක් ලබා නො දෙයි. පළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා කොමසාරිස්වරුන් යටතට පත්කිරීමට සූදානම් වෙයි. බලයට කෑදර නැතැයි කියන බලය අත්හැරීමට සූදානම් යැයි කියන පුද්ගලයන් ක්‍රියා කරන්නේ එලෙස ද? ශ්‍රී ල නි පක්‍ෂ මහින්ද කණ්ඩායම පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට මෛත්‍රිපාල සිරිසේනට බල කළ යුතු ය. 

නලින් ද සිල්වා


2015 මැයි 12

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.