Breaking
23 Feb 2025, Sun

රාජිතට එරෙහි අල්ලස් වාර්තාව හැදුවේ ඇමති ජොන් (අල්ලස් පැමිණිල්ල කියවන්න)

දුෂිතයන්ට එරෙහිව ගවපාලනයක් සෑදිම වෙනුවෙන් ඉදිරියට ආ යහපාලකයන්ගේ කණ්ඩායමේ අංක එකේම දුෂිතයෙකු වන “ප්‍රා” නායක ඇමති රාජිත සේනාරත්නට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ ඊයේ (03) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.පසුගිය රජයේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ මෙරට මත්ස්‍ය සම්පත අයථා ලෙස කොල්ල කා රුපියල් මිලියන 2000ක මුදලක් ඉපයූ බවට චෝදනා එල්ල වි තිබේ.

ජාතික නිදහස් පෙරමුණ විසින් අමාත්‍ය, කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල සදහා අවශ්‍ය සියලු කරුණු ලබාදි ඇත්තේ මහජන ආරක්ෂාව, ක්‍රිස්තියානි ආගමික කටයුතු හා ආපදා කළමණාකරන පිළිබඳ අමාත්‍ය ජෝන් ඇන්තනී එමැනුවෙල් අමරතුංග වන අතර එම පැමිණිල්ල සකස් කිරිම සදහා දෙස්-විදෙස් ව්‍යාපාර ගණනාවකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙකුද සම්බන්ධ වි ඇති බව අප LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සකස් කිරිමේ කුමණත්‍රනය පසුපස ඇමති රාජිත සිටින බව අනාවරණය විමෙන් පසුව මෙම අල්ලස් චොදනා එලියට දැමිමට කටයුතු කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.