Breaking
23 Feb 2025, Sun

මොහාන් පිරිස් එලවන්න හදන්නේ රෙදි ඇදගෙනද?

වත්මන් අගවිනිසුරු මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා රජයේ ප්‍රධානීන් කටයුතු කරනුයේ යහපාලනය පිළිබදව ඇති කැක්කුමක් නිසා නොව තමන්ගේ දුෂිතයන් රැක ගැනීමට තමන්ට අවනත අයෙකු අගවිනිසුරු ධුරයට පත් කර ගැනීමට බව නීතිඥයින් රැසක් LNW සමග අදහස් දක්වමින් සදහන් කර සිටී.

ජනවාරි 09 වනදා කුමන්ත්‍රණයක් සිදු කිරීමට අගවිනිසුරු දායකත්වය ලබා දුන් බවට කම්පියුටර් ජිල්මාට් ගැන මුසාවාද දෙසු මංගල සමරවීරම කල පැමිණිල්ලකට අනූව අගවිනිසුරුවරයා එළවීමට වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම් සුදානමින් සිටින බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරිමට බලවත්ම අවශ්‍යතාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඔහුගේ පීඩනය හෙතුවෙන් මෛත්‍රීපාල අසරණව සිටින බවද එම නීතිඥයින් පෙන්වා දෙනවා.

මීට අමතරව මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පැමිණියේ නියමිත ආකාරයට නොවන බවටද යහපාලකයන් චෝදනා කලද ඔවුන් පෙනී සිටින ශිරාණි බණ්ඩාරනායකද පැමිණියේ හොර පාරකින් බව අද ඔවුන්ට අමතකවී ඇති බවයි එම නීතිඥවරුන් සදහන් කලේ.මොහාන් පිරීස්ගේ නීති ආධිපත්‍ය බිද වැටීම ගැන ඔවුන් කතා කලද එවකට ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවී සිටියදී තම  සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ  සභාපති ධුරය ලබාදිමේදි නීතියේ ආධිපත්‍ය බිද වැටීම සිදුවුයේ නැද්ද යන්න ඔහුන් ප්‍රශ්ණ කර සිටිනවා. 

බලය අයුතු ලෙස යොදා ගෙන රුපියල් කෝටි තිස් නවයකට වැඩි මුදලක් රජයට පාඩු කළේ යයි චෝදනා කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරිමෙන් අනතුරුව ඔහු ඉවත් කළා.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගොනුකල  දෝශාභියෝග යෝජනාවේ චෝදනා 14ක් ගොනු කොට තිබු අතර එහි 6වන චොදනාවද වුයේ සැමියා සම්බන්ධවය.

හයවන චෝදනාව-  සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් හරහා ‘ද ෆිනෑන්ස්’ සමාගමට අයත් මිලියන 26 කට ඇස්තමේන්තු කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මිලියන 19 කට සිය නමටම මිලදී ගැනීම

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.