Breaking
24 Feb 2025, Mon

ශ්‍රෙෂ්ඨාධිකර්ණ විනිසුරුවරියක් විමේ අල්ලස ගත් දුෂිත දඩයම් කුමාරිය වහාම පන්නනු!

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල් රුක්ෂී ඩයස් වික්‍රමසිංහ කිසිසේත්ම අවංක චරිතයක් නොවේ.ඇය දූෂනයේ උල්පතකි. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටින අතරතුර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරියක ලෙසද කටයුතු කරමින් ආයතන දෙකෙන්ම දීමනා ලබා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතයේ යෙදවීම පිළිබඳව දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව එම කොමිසමට ලැබුන පැමිණිල්ල අද වන තුරු විභාග කර නැති අතර  රක්ෂිත වනාන්තරයක තම සැමියා විසින් බලෙන් අල්ලා ගත් අක්කර 45ක් ඉඩමක් ගැන වූ නඩුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටින කාලයේ තම බලය අයුතුලෙස බාවිත කොට යටගැසූ හැටි දන්නො දනිති. 

රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහගේ ගජ මිතුරියක් වන දිල්රුක්ෂි ඩයස් අල්ලස් කොමිසමේ ජොබ් එක බාරගත්තේ රනිල් වික්‍රමසිංහ පොරොන්දු වු පෞද්ගලික අල්ලසකට කෑදර කමෙනි. ඇය රනිලට පොරොන්දුවී ඇති රාජකාරිය නම් මහ මැතිවරනයට පෙර මහින්ද රාජපක්ෂ , ගෝටාබය රාජපපක්ෂ, විමල් වීරවන්ංශ ඇතුලු රනිල්ට තර්ජන්යක් වන පිරිසකගේ කීර්තිනාමය විනාශ කොට ලබන ඡන්දය රනිලට වාසි දායකවන වාතාවරණයක් සකස් කර දීමය. රනිල් පොරොන්දු වූ අල්ලස නම් මහ මැතිවරණයෙන් පසු ඇය ශ්‍රෙෂ්ඨාධිකර්ණ විනිසුරුවරියක් ලෙස පත්කිරීමය. 

30 වසරක් යුද්දය අවසන්කොට මේ රටට සාමය උදාකර දුන් රාජ්‍ය නායකයා ඉතාමත් විහිලු හේතුවකට අල්ලස් කොමිසමට කැදවා ඔහුගේ පමනක් නොව ඔහු පිටුපස සිටින සියල් මහජන බලවේග වලට අපහාස කිරීමට මෙම අවලම් ගැහැනිය අද සැරසෙන්නේ පෑහැදිලිවම ඉහත කී පෞද්ගලික අල්ලස් වාසිය අරමුණු කරගෙනය. මෙහි ලොකුම විහිලුව නම් මහින්දට විරුද්දව දිල් රුක්ෂී නගන අල්ලස් චෝදනාවය. ඒ පහුගියදා දේශපාලන වාසි තකා තිස්ස අත්තනායකට ඇමති කමක් දුන්නාය යන්නය. එසේනම් සියල්ලටම් පෙර අල්ලස් කොමිසමට ගෙන ආ යුත්තේ පසුගියදා ශ්‍රී ලංකා පක්ෂ මන්ත්‍රී පිරිසකට ඇමතිකම් දී ඔවුන් මහින්දගෙන් ඈත්කර තබන්නට කටයුතු කල මෛත්‍රිපාල සිරිසේනය. මේ ජනාධිපතිට ගෙඩි පිටින් කරන්නට පුලුවන් දේ ඒ ජනාධිපතිට විතරක් වැරදි අල්ලස් කොමිසමෙ ලොකු පුටුවේ අද ඉන්නේ අල්ලස් රැජිනක් වීම නිසාද ?.

මෙය කිසි දිනක ජනාධිපතිවරයෙකුට දඩුවම් කල හැකි වරදක් නොවන බව කොමසාරිස්වරිය හොදින්ම දනී. එහෙත් හිටපු ජනධිපතිට මඩගසා ඔහුට විරුද්දව මහජනතාව තුල අනිසි සැකයක් මතුකොට යම්  අප්‍රසාදයක් ඇති කිරිමට මෙයින් පුලුවන් බවත් එයින් රනිල්ට දේශපාලන වාසියක් මැතිවරනයේදී ලබාගත හැකි බවත්  ඇය දනිය්. පෞද්ගලික ලාබ වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන්නට සූදානම් මෙවන් ගැහැනියකට මේ රටේ ජනතාව සමාව දෙනවාද ? අද පාර්ලිමේන්තුවේ ඉතුරුව ඇති සැබෑ විපක්ෂය මේ වෙනුවෙන් සටනට අවතීර්ණ වී ඇත. ඔවුන් සටන් කරන්නේ සමහරුන් වරදවා තෙරුම් ගන්නා ආකාරයට දූෂිතයන් රකින්නට නොවේ. යහපාලන බැටලු හම් පොරවාගෙන එන සැබෑ දූෂිතයන්ට එරෙහිවය. ඉතින් ඔබේත් මගේත් කාර්‍යය කුමක්ද ?

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.