Breaking
6 Feb 2025, Thu

සිරි අයියා වැඩ අල්ලයි…..ජවිපෙ කැඩුනු සියල්ල එක්වන ලකුණු!

පසුගිය කාලසිමාවේ ගවේෂණාත්මක මාධ්‍ය යැයි කියමින් කටයුතු කල බොහෝ අයටත් රාජ්‍ය බුද්ධි අංශ වලට පවා අනාවරණය කරගැනිමට නොහැකි වු ජනතා විමුක්ති පෙරමුණේ අර්බුදය අප පළමු වතාවට අනාවරණය කළේ පසුගිය පෙබරවාරි 8 වැනිදායි. ඉන්පසු අවස්ථා කිහිපයකදි ජවිපෙ අර්බුදයක් ඇති බවත් ඒ හරහා යලි පක්ෂය දෙකඩ වන බවත් අප නිරන්තරයෙන් අනාවරණය කළා.

ඒ ආකාරයටම ලංකා නිවුස් වෙබ් ටුඩේ වෙබ් අඩවිය ඉතා වගකිමෙන් යුතුව වාර්තාකල සියල්ල සත්‍යක් බවට පත්වු බව අපගේ ලක්ෂ සංඛ්‍යාත කියවන්නන් හොදින්ම දන්නා කරුණකි.

රට පුරා පමණක් නොව ලෝකයම පුරා සෑම ක්ෂේත්‍රයකම විසිරුණු අපගේ වගකිම් සහිත නියෝජිතයන්ගේ කැපකිරිම හරහා අප මෙම තොරතුරු අනාවරණය කරන බව ඉතා පැහැදිලිව සදහන් කළ යුතුය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඉවත්විමට ආසන්නතම් වු හේතුව අප LNW විශේෂ වාර්තාකරුවෙකු විසින් අනාවරණය කර සිටි.

ඊයේ බත්තරමුල්ලේදී සෝමවංශ කල ප්‍රකාශය 

“අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් ඉස්සරහට යන්න බැහැ. ජවිපෙනුත් ඇතැමුනට අසාධාරණවී තිබෙනවා. ඒ කොටසුත් එකතු කරගෙන මම අලුත් පක්ෂයක් හදනවා”

සෝමවංශ අමරසිංහ මහතා 1963 දී ජනතා විමුක්ති පෙරමුණට එක්වී 1990 වසරේ සිට එම පක්ෂයේ නායකත්වය දැරීය. 2014 වසර දක්වා ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන් ඒ මහතා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අනුර කුමාර දිසානායක මහතාට ජවිපෙ නායකත්වය පවරමින් එම තනතුරෙන් ඉවත් විය.

පසුගිය යහපාලන ආණ්ඩුව සැදිමට එරෙහිව විකල්ප බලයක්ව නැඟී සිටිමට ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යව තිබුනද අප ඩීල් කුමාර ලෙස හදුන්වන අනුර කුමාර දිසානායකට තිබුනු අසීමාන්තික බැදිම් හේතුවෙන් විකල්ප බලයක්ව නැගි සිටිනූ වෙනුවට බෙදුම්වාදීන්ගේ අවස්ථාවාදයට අනුර යටවිය.

තමන්ගේ ඉල්ලා අස්වවිමෙන් පසුව අමරසිංහ මහතා තමන්ගේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් තම සටන් සගයන් කිහිප දෙනෙකුම් සමග අදහස් පලකර තිබෙන අතර රටකට අවශ්‍ය වනුයේ ශක්තිමත් නායකයෙකු බවත් වර්තමානයේ එය දකින්නට නොමැති බව පවසා තිබේ.

මේ අතර අප වාර්තාකරු සදහන් කළේ සෝමවංශ අමරසිංහ සමග ජවිපෙන් වෙන්ව ගිය කොටස් සියල්ල එකතුවිමේ සුදානමක් පවතින බවයි.ඒ සදහා මේ වනවිටත් විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර එම සාකච්ඡා සදහා පහසුකම් සපයන්නෙකු ලෙස සංස්ථා රැසක සභාපතිවරයෙකු ලෙස කටයුතු කල අයෙකු කටයුතු කරන බවද අප වාර්තාකරු සදහන් කළා.මෙම සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් විරවංශ ඉවත්ව ගිය අවස්ථාවේ සාකච්ඡා පැවැත්විමට සහ පක්ෂ සංවිධාන කිරිමට උදව් කල අයෙකු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.