Breaking
24 Feb 2025, Mon

රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ- මහින්ද,ගොඨා කොටු කරන්න සැලසුම්, ශ්‍රිලනිපය හංසයාට පාවාදෙයි

කෙසේ හෝ ඉතා ඉක්මනින්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ගොඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දිය රජය නියෝග කර තිබෙන බව අප ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) අනාවරණය කර  සිටි.

නැති අගමැති කමක් ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 9 ක් පමණ වටිනා සඳුන් කිලෝ 77ක් ගුරුවායුර් ශ්‍රී ක්‍රිෂ්ණ දේවාලයට(Guruvayur Sri Krishna Temple) පුජා කිරිමෙන් පසුව ඉන්දිය රෝ සංවිධානයේ ප්‍රධානින් සහ මෝදිගේ විශේෂ නියෝජිතයෙකු සමග කළ විනාඩි 45 පමණ සාකච්ඡාවෙදි මේ පිළිබදව යලිත් අවධාරණය කර තිබෙන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මිට පෙර අවස්ථා ගණනාවකදි ඉන්දිය රජයේ විශේ නියෝජිතයින් සහ රෝ සංවිධාන හරහා වත්මන් ඉන්දිය රූකඩ පාලක මෛත්‍රීපාල සිරිසේන මහතාට කටයුතු කරන ලෙසට බලපෑම් කර තිබුනා.

රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වය අවසන් ජනාධිපතිවරණ සමයේ තිබුන ප්‍රමාණයටත් අඩ පහතට වැටි ඇති බවත් ඊට සාපේක්ෂව සිංහල බෞද්ධ ඡන්ද දායකයන්ගේ සියයට 65 ඉක්මවා මහින්ද රාජපක්ෂ ආකර්ෂණය කරගෙන් සිටින බවද මේ වන විට නවතම බුද්ධි අංශ වාර්තා මගින් අනාවරණය කර තිබේ.

ඒ අනුව කෙසේ හෝ 19 සම්මත කර ගැනිමෙන් පසුව 20 සම්මත නොකර එක්සත් ජාතික පක්ෂය ලෙස මැතිවරණයකට ඉදිරිපත් නොවි පොදු අපේක්ෂකයා තරග කල අකාරයට හංසයාගෙන් තරග කර ජනතාවට යලි කොකා පෙන්විමට සුදානමක් පවතින බව අප රජයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන විශේෂ වාර්තාකරු සදහන් කළා.මේ සම්බන්ධයෙන් රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි කොන්දක් පණ නැති ශ්‍රිලනිප නායක මෛත්‍රී මෙම පාවාදිමට එකඟත්වය පලකර තිබේ.

නමුත් රනිල් වික්‍රමසිංහට ඇති ප්‍රභලම ප්‍රශ්ණය වි ඇත්තේ හංසයාගෙන් තරග කිරිම සදහා ද්‍රවිධ ජාතික සන්ධානය එකතු කර ගැනිම බවද අප වාර්තාකරු සදහන් කළා. මේ වන විටත් නිළ නොවන මට්ටමින් ද්‍රවිධ ජාතික සන්ධාන් මන්ත්‍රිවරුන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුට මේ වන විට විවිධ අල්ලස් ලබා දෙමින් රනිල් තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනිම සදහා කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.