Breaking
23 Feb 2025, Sun

කොන්දක් නැති මෛත්‍රී සමාජ මාධ්‍යට බිල්ලා පෙන්වයි!

ජනාධිපතිවරණ සමයේ සහ දින සියයකට අඩුකාලයක් තුල තමන්ගේ ප්‍රතිරූපය නැති කරගත් වත්මන් යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ නැති  ප්‍රතිරූපය හේතුවෙන් රටට සිදුවන විනාශය ඉවසා ගත නොහැකිව සමාජ වෙබ් ජාලා භාවිතා කරමින් තමන්ගේ අදහස ප්‍රකාශ කරන තරුණ තරුණියන් සහ විවිධ කණ්ඩායම් භිය වැද්දිමට යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙමින් තිබේ.

පසුගියදා ~~මෛත්‍රීට වෙබ් ෆෝබියාව වැලදේ – WEB මර්දණයකට සුදානමක්!~~ යනුවෙන් අප කල අනාවරණයට අනුව මෛත්‍රී දැන් සුදානම් වන්නේ තමන්ගේ කොන්ද පණ නැතිකම වසා ගැනිම සදහා රට වෙනුවෙන් පෙනි සිටින ප්‍රගතිශීලි ජනතාව භීය වැද්දිමට මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ රුපියලේ කාසිවලට යටවු ඇතැම් මාධ්‍ය පඩංගු සුදනම් වන බව දැන් එලිපිටම පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකුට මඩ ගැසීමේ අරමුණින් අසභ්‍ය වචන අන්තර්ජාලයට මුදාහැරීමත්, අසභ්‍ය වචන අන්තර්ජාලයේ ෆේස්බුක් ගිණුම්වලට යොමුකරමින් කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමත්, අදාළ කාන්තාවට මානසික පීඩනයක් ඇතිවන අයුරින් අසභ්‍ය කාරණා ලිවීමත් හේතු කොට ගෙන දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නමැති බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අද (30) ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කර තිබිණ.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ සංශෝධන පනත යටතේ ද, 1997 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පරිච්ඡේදයේ 136 (1) ආ වගන්තිය යටතේද ඔහු දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇතැයි පොලිසිය චෝදනා නගා තිබිණ. මෙම නඩුව ලබන 01 දා විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.