Breaking
24 Feb 2025, Mon

නැවතත් උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇත. 2009 කොටි (දෙමළ) ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක නො වී ය. එයින් කියැවෙන්නේ එකල උතුරේ දෙමළ ජාතිවාදයක් නොතිබූ බව නො වේ. දෙමළ ජාතිවාදය මතු නොව දෙමළ බෙදුම්වාදය ද උතුරේ තිබිණි. ඒ මතවාද එහි නැති නොවිණි. ඒ මතවාද විශේෂයෙන් ම ඊනියා උගත් දෙමළ ජනයා අතර විය. ඔවුන්ට බටහිරයන්ගේ ද ඉන්දීයයන්ගේ ද විසිරුණු දෙමළ ජනයාගේ ද අනුගයහය හා ආධාරය ලැබිණි. එහෙත් ඒ දෙමළ ත්‍රස්තවාදයක් කරා නැවත වර්ධනය නො විණි. එයට ප්‍රධාන හේතුව හමුදාව එහි පවත්වා ගෙන යෑම ය.

මෙහි දී වැඩි දුර යෑමට පෙර රාජ්‍ය විරෝධී යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි කරගත යුතු ය. රාජ්‍ය විරෝධී යන්න ඒ ඒ අය විවිධාකාරයෙන් අර්ථදක්වති. අද මෙරට ඇත්තේ බටහිර ක්‍රමයේ ධනවාදී ඒකීය රාජ්‍යයකි. අපි මෙහි ධනවාදී ස්වභාවයට විරුද්ධ වෙමු. අපට අවශ්‍ය මහාසම්මතවාදී විෂමත්වය අවම වූ (ඊනියා සමාජවාදී නො වේ) එක්සේසත් (එක්සත් නො වේ) පරිපාලන බලය විමධ්‍යගත කෙරුණු එහෙත් නීති එක් ආයතනයකින් පැනවෙන රාජ්‍යයකි. එවැනි රාජ්‍යයක සාමූහිකත්වය. පරිසරය සමග සහජීවනය අනිවාර්යයෙන් ම තිබිය යුතු ය. ඒ අරුතෙන් ගත්කල අපි දු රාජ්‍ය විරෝධී වෙමු. එහෙත් අප අපට අවශ්‍ය රාජ්‍යය කරා යන්නේ පවත්නා රාජ්‍යය තුළින් ම ය. 

උතුරෙ රාජ්‍ය විරෝධීභාවය එසේ නො වේ. ඔවුන් ධනවාදයට විරුද්ධ නැත. අද මාක්ස්වාදීන්වත් ධනවාදයට විරුද්ධ නැත. රනිල් ද වික්‍රමබාහු ද ඊනියා මහින්ද රෙජිමය පරාජය කිරීම විප්ලවයක් ලෙස සලකති. ඔවුන්ට අනුව මහින්ද ආපසු බලයට පත්කිරීම ප්‍රතිවිප්ලවයකි. මාක්ස් එංගල්ස් හා ටේ‍රට්ස්කි මිය ගොස් තිබීම ඔවුන්ගේ වාසනාවකි. උතුර විරුද්ධ වන්නේ ඒකීය රාජ්‍යයට හා ශ්‍රී ලංකා රාජ්‍යයට ය. ඔවුන්ට අවශ්‍ය සන්ධීය රාජ්‍යයක් හා දෙවනුව  වෙන ම රාජ්‍යයකි. දෙමළ ජාතිවාදීන් රාජ්‍ය විරෝධී වන්නේ ඒ අරුතෙනි. ඔවුහු පවත්නා රාජ්‍යයට පිටින් ගොස් තම අරමුණ ඉටුකර ගැනීමට කටයුතු කරති. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා දෙමළ ත්‍රස්තවාදය ඇතිවිණි. අපි එය පරාජය කෙළෙමු. එහෙත් දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය  තිබෙන තාක් ඕනෑම අවස්ථාවක නැවතත් දෙමළ ත්‍රස්තවාදය ඇතිවීමේ ඉඩකඩක් වෙයි.

අප දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කරන තෙක් උතුරේ හා නැගෙනහිර හමුදා කඳවුරු පවත්වාගෙන යා යුත්තේ එබැවිනි. ඊනියා සංහිඳියාවක නාමයෙන් හමුදා කඳවුරු ඉවත්කිරීම යනු දෙමළ ත්‍රස්තවාදයට ඉණිමං බැඳීමකි. අද යාපනය, මඩකලපුව හා  වෙනත් පළාත්වල සිදුවන්නේ එයයි. විද්‍යා දැරිය පිළිබඳ සිද්ධියේ දී පොලීසියට හා උසාවියට පහර දුන්නෝ නැගී එන දෙමළ ත්‍රස්තවාදීහු ය. ආනන්දි කණ්ඩායම මෙන් ම ඊනියා ජනතා බලය කණ්ඩායම ද එහි දී ක්‍රියාත්මක වූ කණ්ඩායම් දෙකක් පමණකි. 

අද පොලීසියට පහර දීම උතුරේ සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙමින් ඇත. විග්නේස්වරන්ලා එයට විරුද්ධ වුවත් ඔවුන්ට එය නැවැත්විය නො හැකි ය. ඔවුහු ද දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු මුලතිවු ප්‍රදේශයේ උසාවි නියෝග කඩකරමින් කොටින් සැමරූහ. ආණ්ඩුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නො කෙළේ ය. විග්නේස්වරන් වැනි දෙමල ජාතිවාදීහු දෙමළ ත්‍රස්තවාදය පෝෂණය කරති. අවසානයේ දී ඔවුහු දෙමළ ත්‍රස්තවාදීන් විසින් ම ඝාතනය කෙරෙති. ආණ්ඩුවට මේ කරුණු කීමෙන් සතපහක වැඩක් නැත. ආණ්ඩුව වැඩකරන්නේ බටහිරට අවශ්‍ය අන්දමට ය.

නලින් ද සිල්වා


2015 මැයි 26

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.