Breaking
24 Jan 2025, Fri

ජනතාව ගොනාට ඇන්දුවා ඇති…හිටං….දැන් ඉතින් යමුද හිටං …..

(2015 මැයි 17) පොළොන්නරුවේ පැවති රැස්වීමක දී මෛත්‍රිපාල සිරිසේන වැදගත් ප්‍රකාශ දෙකක් කර ඇත. ඉන් එකකින් කියැවෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ශ්‍රී ල නි පක්‍ෂය අවුරුදු ගණනාවක් දෙන ලද පොරොන්දුවක් තමා විසින් ඉටු කරන ලද බව ය. එය සත්‍ය නම් මේ වන විට විධායක ජනාධිපතිවරයකු සිටිය නො හැකි ය. දැනට තිබෙන තතත්වය අනුව මීළඟ මැතිවරණයෙන් පසුව ද, මීළඟ ජනාධිපතිවරණයෙන් පසුව ද මෙරට විධායක ජනාධිපති කෙනකු සිටිනු ඇත. මෛත්‍රිපාල මීළඟ ජනාධිපති වුවත් නැතත් මීළඟ ජනාධිපතිට ද විධායක බලතල තිබෙනු ඇත. මෛත්‍රිපාල රවටන්නට සූදානම් වන්නේ කාව ද? Read Pdf

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වී නැතිවා පමණක් නො වේ. ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණු සීමිත විධායක බලතල කිහිපයක් නැවතී ඇත්තේ අගමැති ධුරයෙහි ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යනු විධායක අගමැති ධුරයක් ඇති කිරීම යැයි සමහරවිට මෛත්‍රිපාලට කියන්්න ඇත්තේ රනිල් ය. කෙසේ වෙතත් දහනවවැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි වී නැත. මෛත්‍රිපාල සිතන්නේ ජනතාව මෝඩයන් බව ද? 

මෛත්‍රිපාල දෙවනුව කියන්නේ පළාත් පාලන ආයතනවල කාලය දීරඝ කෙළේ නම් එමගින් ජනතාවගේ ඡන්ද අයිතිය විධායක ජනාධිපති බලතල යොදා අහොසි කෙරෙන බව ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ බවට පුරසාරම් දොඩන මෛත්‍රිපාල මේ කියන්නේ තවමත් විධායක බලතල ඉතිරි වී තිබෙන බව ද? තර්කය එතරම් පැහැදිලි නැත. 

ඒ කුමක් වුවත් මෛත්‍රිපාල තමා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු බව ලොවට ප්‍රකාශ කරන්නේ පළාත් පාලන ආයතනවල පාලනය කොමසාරිස්වරුන්ට හෝ නිලධාරීන්ට හෝ පවරා දෙමිනි. එසේ කෙළේ කිනම් බලතල යොදාගෙන ද? පළාත් පාලන ආයතනවල පාලනය ඉබේට ම කොමාසාරිස්වරුන්ට හෝ නිලධාරීන්ට හෝ පැවරෙන්නේ ද? මෛත්‍රිපාල තමා ප්‍රජාතන්ත්‍රවාදියකු නම් කළ යුතුව තිබුණේ පළාත් පාලන ආයතනවල මැතිවරණ වහාම පැවැත්වීමට කටයුතු කිරීම ය. ඔහු එසේ නො කෙළේ ඇයි? 

මෛත්‍රිපාල තරම් විධායක බලතල වැරදියට යොදාගත් තවත් ජනාධිපතිවරයකු නැත. ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන් සැණින්  රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කෙළේ ය. ඒ අතරතුර ඔහුට දි මු ජයරත්න අස්කිරීමට තරම් කාලයක් නො තිබිණි. යම් අයුරකින් ඔහු එසේ කෙළේ නම් නිවේදක වන්දිභට්ටයන් ඒ මොහොතෙහි ම ඒ බව ලොවට හෙළිදරවු කරනු ඇත. එහෙත් කිසිම වන්දිභට්ටයෙක් ඒ බවක් නො කීවේ ය. මෛත්‍රිපාල විසින් රනිල් අගමැති ලෙස පත්කෙරුණේ දි මු අගමැති ව සිටිය දී ම ය. 

මෛත්‍රිපාල අගවිනිසුරුතුමා ගෙදර යැවුවේ කිසිදු පාර්ලිමේන්තු සම්ප්‍රදායක් අනුගමනය කරමින් නො වේ. ඒ විධායක ජනාධිපති බලතල යොදා ගනිමින් යැයි කිව නොහැක්කේ විධායක ජනාධිපතිට එසේ කළ නොහැකි බැවිනි. මෛත්‍රිපාල සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස  පෙනී සිටීමට උත්සාහ කරන්නේ එවැනි වැරදි මැද ය. 

පළාත් පාලන ආයතන විසුරුවා හැර නොමැති බව සැබෑ ය. ඒ බව මෙයට ඉහත දී ද අපි කීවෙමු. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදියකු කළ යුතුව තිබුණේ   වහාම අදාළ මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්ට උපදෙස් දීම ය ඒ වෙනුවට ඔහු ඒ ආයතන නිලධාරීන්ගේ පාලනයට යටත් කිරීමට කටයුතු කෙළේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමෙනි. ඔහු එසේ කෙළේ ඇයි ද යන්න පට්ටපල් බොරු කතන්දරවලින් වැසිය නො හැකි ය. ඒ ආයතනවල බලය තමා පක්‍ෂ සභාපතිත්වය දරන්නේ යැයි කියන ශ්‍රී ල නි පක්‍ෂයට අහිමි කිරීම ඔහුගේ අවශ්‍යතාව විය. ශ්‍රී ල නි පක්‍ෂයේ අභිවෘද්ධිය සඳහා පක්‍ෂ සභාපති ධුරයෙන් මෛත්‍රිපාල ඉවත් කළ යුතු ය.

නලින් ද සිල්වා 


2015 මැයි 17

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.