Breaking
24 Feb 2025, Mon

ප්‍රසන්න,ගම්මන්පිල හා මහින්ද වාදින්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවේ ලපයි-සිපයි කුමන්ත්‍රණයක

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කොටස් කිහිපයකට කඩා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට වෙහෙසෙන මහ ඇමැති ප්‍රසන්න රණතංගු ඇතුළු කණ්ඩායම සතු පළාත් සභාවේ බලය අහිමි කිරිම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව වාර්තා වේ.

බෙදුම්වාදීන්ගෙන් රට ගලවා ගැනිම සදහා මහින්ද රාජපක්ෂ මහතා යලි රටේ බලයට පත් කිරිමට ඇරඹි සටන හෙතුවෙන් මේ වනවිට යහපාලනය ගොඩ නැගිම සදහා කඩේ ගිය ලපයි සිපයි කණ්ඩායම් වලට යන එන මං නැතිවි තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට වෙහෙසෙන මහ ඇමැති ප්‍රසන්න රණතංගු ඇතුළු කණ්ඩායම ගැන විනය පරීක්ෂණ පවත්වන්නැයි පළාත් සභා ඇමැතිවරුන් වන ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ ඇතුළු පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති අතර එම කණ්ඩායමට යහපාලනය ගොඩ නැගිමට කඩේ ගොස් යන එනමං නැති උච්චභිතිකා නංගි වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,දවල්ට සීල් ගෙන රැට මිනිහාව පවා මාරුකර ගනිමින් යහන්ගත වන මල්ෂා  කුමාරතුංග,ඇතුලු ලපයි සිපයි මන්ත්‍රිවරුන් වන ඉසුර දේවප්‍රිය, හෙක්ටර් බෙත්මගේ,  මංජුල බුද්ධදාස, උපාලි ගුණරත්න, අමල් සිල්වා සහ සිමිත් ලාල් මෙන්ඩිස් යන අයද එකතු වි සිටි.මෙම මෙහෙයුම පසුපස සිටින ප්‍රභලයා උච්චභිතිකා නංගි වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වන අතර චන්ද්‍රිකා කුමාරතුංගගේ මෙහෙය විම මත ඇය ප්‍රසන්න රණතංගුට එරෙහිව පළාත් සභාව තුල කල්ලි කණ්ඩායම් නිර්මාණය කිරිමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව අප විශේෂ වාර්තා කරු අනාවරණය කරගෙන තිබේ.

මේ අතර අද මෙම කණ්ඩායම මාධ්‍ය හමුවක් කැදවමින් හඩාවැටි ඇත්තේ ජනපති සිරිසේන ඉවත් කර  හිටපු ජනපති නැවත ශ්‍රීලනිප සභාපති ලෙස පත් කළ යුතු යැයි මහ ඇමැතිවරයාගේ නිවසේ පසුගියදා පැවැති සාකච්ඡාවකින් පසු යෝජනාවක් සම්මත කර ගෙන ඇති බවත් පළාත් ඇමැති ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ මහත්වරුන්ගේ පාර්ශ්වය අද මාධ්‍ය සාකච්ඡාවක් සිරිසේන මහතා තවදුරටත් පක්ෂ සභාපති ලෙස තබා ගත යුතු බවයි.

මේ අතර බස්නාහිර පළාත් සභාවේ බහුතරය සිටින්නේ තමන් සමඟ යැයි මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කළා.පළාත් සභාවේ සන්ධානයට සහාය දක්වන මන්ත්‍රීන් 61 දෙනකු සිටින බවත්, ඉන් පනස් ගණනක්ම තමන් සමඟ සිටින බවත්, තමාට එරෙහි මාධ්‍ය හමුවට ගොස් ඇත්තේ මන්ත්‍රීන් 10ක් පමණක් බවත් රණතුංග මහතා පැවසීය.

ජනපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ බවත්, පක්ෂය නොකැඩී ශක්තිමත් කිරීම පක්ෂයේ සභාපති වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමක් බවත් ඔහු සඳහන් කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.