Breaking
6 Feb 2025, Thu

යහපාලන නීතිය බල්ලාට යෑම – මහේස්ත්‍රාත් වැඩ නීතීඥා කරයි

ජනපති මෛත්‍රීට ළංවීම නිසා අත්අඩංගුවට ගත් හමුදා කෝප්‍රල්වරයා රිමාන්ඩ් කිරීම නීති විරෝධී බවත් එය ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඒ අනුව එකී රිමාන්ඩ් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවත් අත්අඩංගුවට පත් හමුදා කෝප්‍රල්වරයාගේ ඥාතියෙක් ප්‍රකාශ කරයි. 

අදාල හමුදා කෝප්‍රල්වරයා ඊයේ උදේ අත්අඩංගුවට ගෙන රාත්‍රී 9ට පමණ තංගල්ල කදුරුපොකුණේ පදිංචි ඉන්දික විජේරත්න නම් නීතීඥවරයෙකුගේ නිවසට ගෙනගොස් එම නීතීඥවරයා හමුවට ඉදිරිපත් කර මැයි මස 12වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇත. මෙම අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ස්ථිර මහේස්ත්‍රාත්වරයා වන්නේ නයන්ත සමරතුංග නමැති මහේස්ත්‍රාත්වරයෙකි. 

එළඹි නිවාඩු දින කිහිපය සඳහා ඔහු විසින් මැයි 02 දින සවස 2 සිට මැයි 3 දින සවස 6 දක්වා වැඩ බැලීමට පත්කර ඇත්තේ ප්‍රභාත් වීරසිංහ නමැති නීතීඥවරයෙකි. මෙම ප්‍රභාත් වීරසිංහ නමැති නීතීඥවරයා වෙත මෙම කාලය තුළම වෙනත් සැකකරුවන් කිහිප දෙනෙකුම පොලිසිය මගින් ඉදිරිපත් කර ඇති බැවින් මෙම කාරණය වඩාත් තහවුරු වේ. නමුත් අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට නිසි බලයක් නැති මහේස්ත්‍රාත්වරයෙකු හමුවට සැකකරුවෙකු ඉදිරිපත් කර ඇති අතර එම බලයක් නැති වැඩබැලූ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් තම ඥාතියා රිමාන්ඩ් කිරීම බරපතල කරුණක් බව අදාල සැකකරුගේ ඥාතියා පවසයි. 

මෙම සිද්ධියේ සැකකරු ඉදිරිපත් කළ පසු, නිසි බලයක් නොමැතිව ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ නීතීඥවරයාගේ බිරිඳ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය බවත් සැකකරු ඉදිරිපත්කර ඇත්තේ අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් බවත් අදාල ඥාතියා සඳහන් කරයි. තවද එකී ඉන්දික විජේරත්න නම් නීතීඥවරයා පසුගිය මැතිවරණයේදී යහපාලන පිළ වෙනුවෙන් වෙහෙස වී කටයුතු කළ පුද්ගයෙකු බවත් තමන්ට එලෙස සැකකරුවෙකු රිමාන්න් කිරීමට බලයක් නොමැති බව දැන දැනම ඔහු විසින් මේ ආකාරයට කටයුතුකිරීම අතිශය සැක සහිත බවත් අගුණකොළපැලැස්ස පොලිසිය විසින් මෙම සැකකරු පමණක් මෙම නීතීඥවරයා හමුවට ඉදිරිපත්කිරීම කාගේ උවමනාවට සිදුකළේද යන්න තමා නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

~~Rajapakse Prasad~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.